(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන මිල්ලෑව තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11 ව්‍යාජ ඔප්පු සාදා ඉතා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට විකුණු සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ දෙදෙනෙක් මොරගහහේනේ දී අද (13) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ ව්‍යාජ හැඳුනුම්පත් 2, ජංගම දුරකථන 4 හා බැංකු කාඩ්පත් 4 පොලීසිය බාරයට ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් මීට වසර 18 කට පෙරදී වෙන්දේසි සමාගමකට අයත් පර්චස් 12 සහ 13 අතර ප්‍රමාණවලින් යුත් ඉඩම් කොටස් 13ක් මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.
එලෙස මිලදී ගත් ඉඩම් වල ඔවුන් පදිංචිව නොසිටි අතර මාස දෙක තුනකට වරක් එම ප්‍රදේශයට පැමිණ ඒවා සොයා බැලීමට පුරුද්දක් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි
කොරෝනා වසංගතයේ හේතුවෙන් පසුගිය මාස කීපයේ ඔවුන් එම ඉඩම් පිළිබඳ සොයා බැලීමට නොපැමිණි අතර නාඳුනන පිරිසක් පැමිණ එම ඉඩම් සුද්ධ පවිත්‍ර කරන බවට ප්‍රදේශවාසීන් ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව එම ඉඩම් මිලදී ගත් පුද්ගලයන් ඉඩම් වෙත පැමිණ සොයා බැලීමේදී සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිස පවසා ඇත්තේ ඔවුන් ඒවා මිලදී ගත් බවය.
එම ඉඩම්වල නිත්‍ය අයිතිකරුවන් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා හොරණ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නමට තිබූ ඔප්පු ඔවුන්ගේ නමින්ම වෙනත් පුද්ගලයන්ට පවරා ඇති බවට බවට දැන ගැනීමට ලැබීමෙන් පසු එම නිත්‍ය අයිතිකරුවන් පිරිස හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාජ ඔප්පු හදා කෝටි එකහමාරක ඉඩම් විකුණති
සමීර Tuesday, 13 October 2020 01:46 PM
ඕවා නම් මොනවද? රටේ අක්කර ගාණක ඉඩම් ප්‍රසිද්ධියේ සින්නක්කර ඔප්පු වලින් චීනයට විකුණපු අය රටේ පාලකයන් වෙලා ඉන්නවා නම්..!!!
lanka Tuesday, 13 October 2020 02:05 PM
මේවා කරන අය පමණක් නොව, මේවට සම්බන්ධ පෙරකදෝරුවෝත් අත්අඩංගුවට ගත යුතුයි...
සංජීව Tuesday, 13 October 2020 05:08 PM
වසර 5කට වරක්වත් අළුත් කල යුතු වංචනිකව සැකසිය නොහැකි හා වලංගු භාවය අන්තර් ජාලයෙන් තහවුරු කර ගතහැකි ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දිය හැකි නම් මෙවැනි වංචා අවම කර ගතහැකිය. මෙරට සමහර වයස 50-60 පුද්ගලයින් සතුව පවා ඇත්තේ පාසල් කාලයේ සැකසූ හැඳුනුම්පතයි එවැනි හැඳුනුම්පතක් පරීක්ෂා කරන කිසිවකුට එය රැගෙන එන පුද්ගලයකු හඳුනා ගත හැකිද? අනෙත් අතට කිසිවකු පදිංචිව නොසිටින ඉඩමක් නාඳුනන අයකුගෙන් මිළට ගන්නා විට එහි අයිතිකරු පිළිබඳව ග්‍රාම නිලධාරීන් ගෙන් හෝ අසල්වැසියන් ගෙන් සොයා බැලීම ගැනුම්කරුවකු සතු වගකීම කි.