.
( ටී.කේ.ජී.කපිල )
ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද(15 ) කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු 38 හැවිරිදි කොළඹ , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි .
මෙම තරුණයා කටුනායක කෝවින්න ප්‍රදේශයේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ වෙළෙඳ සැළක් පවත්වා ගෙන යන අතර , මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේම තාවකාලිකව නේනේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටිති .
මෙම කාන්තාව අද කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන , මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී ඇති අතර , එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඒ අනුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව , මෙම ජංගම දුරකථන අලුත්වැඩියාකරු ද අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ව්‍යාජ නෝට්ටු සමඟ දෙකක් අත්අඩංගුවට