ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනය 6 වැනි සංවිධානය කරන ‘ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල සහ ජාතික ව්‍යාපෘති කළමනාකරණ සමුළුව - 2023 ලබන අගෝස්තු මස 16 වැනිදා දිනය පුරා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ.
ව්‍යාපෘති කළමනාකරණ සමුළුව එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා ද, විශිෂ්ටතා සම්මාන උළෙල එදින පස්වරු 6.30 සිට ද, පැවැත්වීමට නියමිතය.
මෙවර සම්මාන සඳහා ලියාපදිංචි ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපෘති කළමනාකරණ සංවිධානයකට හෝ ආයතනයකට අයදුම් කළ හැකි අතර අයදුම්පත් www.pmicolombo.org යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
මෙහිදී කාණ්ඩ 20 ක් යටතේ ශූරතාවට සහ අනුශූරතාවට සම්මාන පිරිනැමෙන අතර ව්‍යාපෘති කළමනාකරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම, අනුමත විෂය පථයක්, කාලරාමුවක් සහ අයවැයක් තිබීම සහ මෙම වසරේ මාර්තු 31 වැනිදා වන විට සම්පූර්ණ කළ ව්‍යාපෘතියක් වීම ආදි නිර්ණායකයන් රැසක් ද අයදුම් කිරීමේදී සම්පූර්ණ කළ යුතුය.
සම්පූර්ණ කළ අයදුම්පත් සහ සෙසු ලේඛන ද සමඟ මේ මස 20 වැනිදාට පෙර [email protected] විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු අතර වැඩි විස්තර 0777810899 දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටන් ඇගයීම මෙම සම්මාන උළෙලේ පරමාර්ථය බවත් ව්‍යාපෘති කළමනාකරුවන් අත්දැකීම්වලින් පරිපූර්ණ වෙමින්, යාවත්කාලීන වෙමින් සහ විශිෂ්ටයන් බවට පත්කිරීම කළමනාකරණ සමුළුවේ අරමුණ බව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනයේ සභාපති සමන් කඳනාරච්චි මහතා පැවසීය.
මෙවර සමුළුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ වෘත්තීයවේදීන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්‍ෂාකරන බව කී කඳනාරච්චි මහතා වර්තමානයේ ව්‍යාපෘති කළමනාකරණයේ නියැලී සිටින සහ ව්‍යාපෘති කළමනාකරණය හදාරණ පුද්ගලයන්ට මෙම සමුළුව වැදඟත් වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
-යොහාන් භාසුර-
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන අයදුම්පත් කැඳවයි