IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක්?

(සුජිත් හේවාජුලිගේ )

විදුලිය බිල යළිත් වරක්  වැඩිවීම හේතුවෙන් කම්හල් සහ  ව්‍යාපාර ස්ථාන පහළොස් දහසත්  විසි දහසත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී  වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රජයට පෙන්වා දෙයි.

අද රටේ බොහෝ කම්හල් සහ ව්‍යාපාරික ස්ථාන අධික විදුලි බිල හේතුවෙන්  පවත්වාගෙන යන්නේ ඉතාම අමාරුවෙන් බවද  ඔහු සඳහන් කළේය.

ජනතාවගේ මෙම ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් දීම ඉතා  වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා විදුලිය අඩුවෙන් වැය වන විදුලි බල්බ සහනදායි ක්‍රමයට  හෝ නොමිලයේ  හඳුන්වාදීම, සූර්ය පැනල ඉතා අඩු වාරික යටතේ ගෙවීමේ ක්‍රමයට ලබා දීම වැනි ප්‍රායෝගික  ක්‍රියාමාර්ගවලට යොමු වියයුතු බවද  සඳහන් කළේය

විදුලිය පරිභෝජනය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම අත්හදා බැලීම සහ ඒවා ජනතාවට හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට  ඒ  පිළිබඳ අවබෝධයක් ඇති විද්වතුන්ට විශේෂඥයන්ට  පැවරිය හැකි බවත් ඔහු  ප්‍රකාශ කළේය.

අධික විදුලි බිල,ඉන්ධන මිල ඇතුළු හේතු කාරණා හේතුවෙන් කම්හල් සහ  විවිධ ව්‍යාපාරික ස්ථාන  ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්   දැනටමත්  වැසී ගොස් ඇතැයි පැවසූ  ගාමිණී වලේබොඩ  මහතා මේ ආයතන බොහොමයක් වැසී ගියේ කොරෝනාවලින් පසුව ආර්ථිකයේ ඇතිවූ    අර්බුදය හේතුවෙන් බවද  ප්‍රකාශ කළේය.

අධික විදුලි බිල හේතුවෙන් ක්ෂුද්‍ර  ,සුලු හා මධ්‍යම පරිමාණයේ  ව්‍යවසායකයන්ට විඳීමට සිදුවී  ඇති දුෂ්කරතා ගැන ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
විශේෂ  අවධානය යොමුවී ඇත. ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීම සඳහා  විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය   ඒකාබද්ධ කර  වැඩපිළිවෙලක් කඩිනමින් පිළියෙල කරන ලෙස කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ මහතා නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.



අදහස් (2)

ව්‍යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක්?

සුපුන් Saturday, 04 November 2023 08:44 PM

ටිකක් ඉන්නකෝ... 2048 වෙනකම්..!

:       0       0

Jayavardhana Sunday, 05 November 2023 05:06 AM

බයවෙන්නේ මොකටද මන්ත්‍රිතුමා ඉන්දියාවේ ඔක්කෝම හොඳින්ම වැඩනේ... අපිට තියෙන්නේ අඩුපාඩු ගෙන්වීම පමණයි. එහෙම කළාම රේගු ආදායම් වැඩිත් වෙනවා නොවැ. වියතුන් උඩ දමාගෙන දැඟලුවේ ඕකට කියලා අපිට නම් අමතක වෙලා නැහැ IMF එකෙන් ණයට ගන්නවා. ඇති හැකි අයට අස්වැසුම හරහා බෙදා දෙනවා. එච්චරයි වෙන්න ඕනෑ. අස්වැසුම නැත්නම් සමුර්ධි දෙනවා අවුරුදු තිහක් සමුර්ධි දුන්නත් සමුර්ධිමත් වෙච්චි එකෙක් නැහැ.... අපි කුඩාකාලයේ ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා වයසට ගිහිල්ලා ඉඳගෙන ලංකාව ආසියාවේ වලපල්ලට යමින් පවතින රටක් කියමුකෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 23 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1156 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1721 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 386 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1543 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 508 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39639 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25785 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site