IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වයඹ ගුරුවරුන්ට ටියුෂන් තහනම්

(පුෂ්පකුමාර ජයරත්න )

වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය 2024.01.01 දින ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම් මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.

වයඹ පළාත් පාසල් වල සියළුම විදුහල්පතිවරුන් වෙත මේවනවිට නිකුත් කර ඇති බවද එම චක්‍රලේඛය කඩ කරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදු වන බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන බවද එහි සඳහන්ය.

ඇතැම් ගුරුවරුන් තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්ති වල සිටින සිසුන්ව නොසළකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව  නයනා කාරියවසම් මහත්මිය තම නිවේදනය මඟින් කියා සිටී.

 

 

 



අදහස් (9)

වයඹ ගුරුවරුන්ට ටියුෂන් තහනම්

jayasekara Thursday, 04 January 2024 09:33 AM

ස්ටාලින් ඔබ කොහේද ?

:       7       7

පැරකුම් Thursday, 04 January 2024 10:02 AM

ඔබට අපගේ ශීර්ෂ ප්‍රණාමය. වයඹපලාතට පමණක් මදි. මෙය මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මධ්‍යම රජය මගින් ගතයුතු ක්‍රියාමාර්ගයකි.;

:       0       31

primeshika Thursday, 04 January 2024 11:24 AM

පැරකුම් ගේ අදහස හා එකඟ වෙමි .ඇයි මේ තීරණය මධ්‍යම රජයෙන් ගන්න බැරි ?

:       0       6

Jodi amron Thursday, 04 January 2024 11:28 AM

හොදයි මැඩම්.

:       0       6

prase Thursday, 04 January 2024 11:35 AM

නියමයි ,ජෝශප් ස්ටාලින් ව ඇරෙස්ට් කරන්න. ඔහු තමයි මේවාට උදව් කරන්නේ

:       3       7

Lal Thursday, 04 January 2024 11:41 AM

ස්ටාලින් .. කරමුද Strike එකක් ?

:       6       3

Premarathna Thursday, 04 January 2024 11:46 AM

ආයතන සංග්‍රහය අනුව තමන්ගෙ රාජකාරි වලට අමතරව යම් ඉපැයීමක් කරන්න තමන්ගෙ සේවය අදාල වෙන අමාත්‍යාංශයේ ලේකම් වෙතින් ලිඛිත අවසරයක් ගන්න ඕන .එහෙම ගත්තාට මදි අමාත්‍යාංශ ලේකම් නියම කරන මුදල් ප්‍රතිශතයක් රජයට ගෙවන්න ඕන. මොකද ඔවුන්ට ඉපැයීම් ලැබෙන්නේ ඔවුන් රජයේ සේවයේ නිසා තමයි. එම නිසා මුලින්ම ඔවුන්ට කියන්න තම තමන් ලැබූ පත්වීම් ලිපියේ කොන්දේසි හොදින්ම කියවන්න කියලා ඊළඟට ටියුෂන් කරන්න අවශ්‍ය නම් අමාත්‍යාංශයේ ලේකම් වෙතින් අවසර පත්‍ර ගන්න කියලා .මට හිතන්නේ දැනට රාජ්‍ය සේවයේ සිටින ඉහළම නිළධාරින් වුනත් ආයතන සංග්‍රහයේ ඔය නීති දන්නෙ නැහැ කියලා තමයි ඒවා ගැන දන්න එක් කෙනෙක් හරි ලංකා රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඒවා ක්‍රියාත්මක කරාවි කියලා හිතෙනවා

:       0       5

Rata Perata Thursday, 04 January 2024 12:57 PM

රටේම ක්‍රියාත්මක කළයුතු ඉතාම වටිනා තීරණයක්... මේවා කොහොමද ඉතින් රනිල් වගේ කෙනෙක් එක්ක කරන්නේ...? 

:       0       2

Chamila Fernando Thursday, 04 January 2024 01:25 PM

රටේ සියලුම පළාත්වලට මෙම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 166 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 382 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 748 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 871 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 668 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 630 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25586 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site