IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්නැයි ෆයිසර් කතානායකගෙන් ඉල්ලයි

විනීතා එම් ගමගේ
 
තම අභිමතයට කටයුතු නොකර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි කථානායකවරයා ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ක‍්‍රීඩා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව 14 වැනිදා රැස්වූ විට ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයාගේ සිට ඇමැති මණ්ඩලය දක්වා අවශ්‍ය පරිදි ආසන පැනවීමට පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. 

එසේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළොත් කිසිදු ගැටලූවක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියේය. 

කැබිනට් මණ්ඩලයක් සාමාජිකයින් 30 ට සීමා විය යුතු අතර සම්මුතිවාදි ආණ්ඩුවක දී එම සීමාව ඉක්මවා කටයුතු කළ හැකි බව ද පැවැති රජය එසේ සම්මුතිවාදී  ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු 30 කට වඩා සිටි කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙන ගිය බවත් පෙන්වා දුන් මුස්තාපා මහතා එහි පාර්ශවකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉන් ඉවත් වන බව ලිඛිතව දැන්වීමෙන් පසු 30 කට වඩා අමාත්‍යවරු සිටින බැවින් එම කැබිනට් මණ්ඩලය අහෝසි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඒ අනුව අමාත්‍ය මණ්ඩලයක් නැතිව අගමැතිවරයෙක් ද සිටිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
ෆයසිර් මුස්තාපා මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (9) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

එම මාධ්‍ය හමුව ඇමතූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා පැවසුවේ සිදුවූ දේශපාලන වෙනස්කම් හමුවේ අගමැතිවරයා ඉවත් කරන්නට වුවමනා නොවන අතර ඉබේම ඉවත්වන බවකි.

මේ වනවිට තේරුමක් නැති ප්‍රශ්න රාශියක් රට පුරා පැතිර ඇති බවත් රටේ සංවර්ධනය නැවතී ඇති බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කළ හැකි දේ කළානම් කාටත් හොඳ යැයි ද පැවසීය. 

විශ්වාසය පිළිබඳ කරුණු ගෙන බැලූ විට වැදගත් වන්නේ ජනතා විශ්වාසය යැයි ද පැවති ආණ්ඩුවේ සාමාජිකයන් වූ තමන් ඒ තුළ කටයුතු කළේ ඉතාමත් කණගාටුවෙන් යැයි ද තම කණ්ඩායමේ අදහස්වලට එහි  ඉඩක් නොතිබු බව ද හෙතෙම සඳහන් කළේය. 

(ඡායාරූප ලහිරු හර්ෂණ)

 



අදහස් (0)

ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්නැයි ෆයිසර් කතානායකගෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1191 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 258 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 434 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 455 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 521 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 917 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 442 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site