IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වරිග සභා යුගය අවසන්

(ඩයනා උදයංගනී)

පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19) පැවති නිදහස් ජනතා සන්ධානයේ ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට එක්වෙමිනි.

‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා අවශ්‍ය බව තරුණ පරම්පරාව කීවත්, හිටපු මුදල් අමාත්‍යවරයකු වන යූ. බී. වන්නිනායක මහතා වැනි ‘ස්මාර්ට් පොලිටීෂියන්ලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රටට අහිමි වූ බව ද කීවේය

බල්ලන් මරා හෝ මුදල් සොයන සංස්කෘතිය ආ පසු රටේ දේශපාලන පිටියේ ඉඩ ලැබුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලට බව කී මන්ත්‍රීවරයා එම ක්‍රමය වෙනස් කර නැවත ආදර්ශ වපුරවන දේශපාලනය පොළොවට රැගෙන ආ යුතු බවත්,  එය කළ හැකි නායකයන් නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල සිටින බවත් පැවසීය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමෙන් පසු ‘ණයට අරන් - සැපට කාලා - ජොලියෙ ඉඳලා - අනාගත පරපුර බිල්ලට දීමේ වැඩපිළිවෙල යළිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.

රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට බව ද වීරවංශ මහතා සඳහන් කළේය.



අදහස් (15)

වරිග සභා යුගය අවසන්

එමලින් Monday, 20 March 2023 04:48 PM

වරිග සභා අහෝසි කරනවා වගේම සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕන රටේ ඉහළම තනතුරු සදහා පත්වෙන සේවාවල පත්වීම් දේශපාලන හිතවතුන්ට දීම නවතා විභාග දූෂණ නැතිවෙන ආකාරයට විභාග පවත්වා බදවා ගැනීම කරන්න ඕන ඒ වගේම විදේශ සේවය සදහා බදවා ගැනීමත් දක්ෂයාට මෙන්ම සුදුසුකම් ඇති අයට දෙන්න ඕන එහෙම කරනවානම් ජනතාව ඔහේලට කැමැත්ත දේවි.

:       0       1

සත්‍ය ගවේෂී. Monday, 20 March 2023 04:49 PM

එදා ගිරිය පුප්පාගෙන වේදිකා දෙවනත් කරලා,බොරු ජාතිවාදය ආගම්වාදය අවුස්සා,රාජපක්ෂ පවුල් පාලනය රටේ රජ කෙරෙව්වා.ඔවුන් එක්කම හොඳින් කාබී නටා ඔවුන්ගේම පදේට රෙදි නැතිව නටා දැන් ඔවුන්ට පලුයන්න බනිනවා.ඔබලා සෙට් එකම ගැන මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා.මොකද ඔවුන් ඒවා නොදන්න මැරිලා ඉපදුනේ නැහැ.ඔහොම සෙට් එකම යන්නකෝ.ජනතාව හොඳ පරිප්පුවක් තමුන්ලාට දේවි. ඒක ෂුවර්.

:       0       2

Anura Nanayakkara Monday, 20 March 2023 04:50 PM

මෙම රටේ මිනිස්සු, විමල්, උදය ගම්මන්පිල වගේ මිනිස්සුන්ට රටේ නායකත්වයට ඒමට සුදුසුකම් නොමැත...

:       3       19

sisiraMonday, 20 March 2023 09:16 PM

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සදහා මැතිවරණ කොමිසම විසින් සෑම අපේක්ෂකයෙකුගෙන්ම පොලිස් වාර්තාවක් ඉදිරිපත් කලයුතුබවට කොන්දේසියක් ඉදිරිපත් කල යුතුවේ. රටේ පුරවැසියන්ගෙන් 100% අනුමැතිය ලැබෙනු ඇත

:       0       1

සිල්වා Monday, 20 March 2023 05:02 PM

ජාතිවාදයට එහෙනම් තවමත් ඉඩ තියෙනවාද? චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජපක්ෂලා බලයට ගෙනාවේ කව්ද?...

:       2       17

sena Monday, 20 March 2023 05:05 PM

වරිග සභාවේ මුර බල්ලන්ට ස්වාමිය අමතක වෙලා...

:       3       27

Dasa P Monday, 20 March 2023 05:05 PM

වලිගේ ගිනි අරන් වගේ...

:       3       20

Warun Monday, 20 March 2023 07:06 PM

බල්ලෝ මරලා මුදල් හොයපු අය තමයි...

:       4       21

PODDA Monday, 20 March 2023 08:04 PM

එතකොට මහින්දගේ සාටකේ හෝදලා සට්ටන් රාළ වැඩේත් කරලා වරිගෙ පෝෂණය කරපු අයට මොකද වෙන්නේ?

:       0       0

ගමේ එකාලා Monday, 20 March 2023 08:07 PM

ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු හැටි මතක් වෙනවා. ඒ වගේම මහින්දගේ සාටකේ එල්ලිලා ඇමතිකම් අරගෙන, බඩ වඩාගත්තු, දූෂණ වංචාවලින් ගොඩගිය කෙනෙක් කියන කතා මරු..

:       1       24

වජී Monday, 20 March 2023 08:52 PM

විමල්ගේ බිරිඳ ශෂි කලකට පෙර සලාකා කැසිනෝ එකට මුදල් ආයෝජනය කිරීම හොඳ වැඩක් වෙන්න ඇති. ඒ යාළුකම ඉවරවුනේ විමල්ගේ සල්ලි ආපසු නොලැබුණු නිසා ඔවුන් සලාකා කැසිනෝ අයිතිකාරිය එක්ක විරසක වුණා. ඕවා 2013/14 කාලයේ ප්‍රසිද්ධ පුවත්.

:       0       1

ආසිරි Monday, 20 March 2023 08:46 PM

මුන් ටිකත් මහින්දට, නාමල්ට සහයෝගය දීලා ණය අරන් ගෙවල් බෙදාගෙන සැපේ හිටපු එවුන්නේ

:       0       1

Bamunuaracchi Monday, 20 March 2023 08:48 PM

මෙයාට රාජපක්ෂලාගෙන් තොරව දේශපාලන ගමනක් නැහැ.මෙයා නියම ගේම්කාරයෙක්.භයානක මිනිහෙක්.මෙයාගෙන් පරිස්සම් වෙන්න සියලුම ජනතාව.

:       0       2

vijayanthi Tuesday, 21 March 2023 01:41 AM

ඔයා කටින්ද ඔක කිවුවෙ.

:       0       2

Perera Tuesday, 21 March 2023 02:42 AM

මෙයා ඉන්නවනම් එතන ප්‍රොඩාව සහ රැවටීම නිසෙකයි. මුන් මුන්ගෙ වාසියට වැඩ කරගන්න අපතයො.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 103 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2240 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 673 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 226 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 549 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 949 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site