(මුදිතා දයානන්ද)
රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජන සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
වරාය සේවා කටයුතු සම්පූර්ණයෙන්ම වැඩ නවතා ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. වරාය අධිකාරියේ සභාපතිවරයා බලහත්කාරයෙන් සේවකයන් රාජකාරියේ යෙදවීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවද ඔහු කියයි.
පාසල් සියයට සීයක් වසා දමා ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවසීය
විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති තිරණය කළ පරිදි නඩත්තු අංශය හා බලාගාර පමණක් සේවයේ යෙදෙන බව ද සෙසු සියලු සේවා නතර කර වර්ජනයට එක්ව ඇති බවද සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සංගමයේ සාමාජිකයන් හැර සෙසු වෘත්තීය සමිති අද සේවයට වාර්තා කර ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අශෝක රංවල මහතා පැවසීය.
බලශක්ති ඇමතිවරයා ඊයේ දිනයේ සියලු වෘත්තීය සමිති නායකයන් කැඳවා සාකච්ඡාවක් සිදුකර තිබු බවද එහිදි තමන් ගත් තීන්දු කිසිවක් ආපස්සට හරවන්නේ නැතැයි ඇමතිවරයා පවසා තිබු බවද එම සාකච්ඡාවටද තම වෘත්තීය සමිතිය එකතු නොවු බවද රංවල මහතා පැවසීය
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වර්ජනය සාර්ථක බව වෘත්තීය සමිති කියයි
නිහාල් Wednesday, 15 March 2023 01:54 PM
වැඩට නෑවිත් පඩිගන්න එක හපන්කමක් නෙවෙයි. ඉතින් ඒක කොහොමත් සාර්ථක කරගන්න පුළුවන්... අවුරුද්ද අවසානයේ ආයතනය ලාබ ලබන තත්වයට ගේන්න නම් හපන්කමක් ඕනෑ. ඒක තමයි ඔහෙලා ළඟ නැත්තේ...
senaWednesday, 15 March 2023 03:02 PM
සමහර වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය ගැන මටත් වචන තියෙනවා... නමුත් දැන් කරන වැඩේ හරි... මොකද ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් කිසිම කැපවීමක් හොරකම නතර කිරීමක් නැතිව සියලු බර මහජනතාව පිට දානවා.
මනරන්ජනWednesday, 15 March 2023 04:22 PM
හොරකම් සාධාරණ නැත. බදු නොගෙවීමට මෙය හේතුවක් නොවේ. හේතුව බදු පැහැර හැරීමද හොරකමකි. අපි මේ දෙකටම බලවත් සේ විරුද්ධය.
ANURA ROME Wednesday, 15 March 2023 01:57 PM
අපේ මව්බිමට සාපයක් වුණා... මේ කාලකණ්ණි පාපතරයින්... ගාලු මුවදොර අල්ලා දැමිය යුතුයි. මොවුන්ගේ ළමයි සේරම ඉන්නේ පිටරටවල...
කිරිපුතා Wednesday, 15 March 2023 02:27 PM
රටක් දියුණු කරන්න නෙවෙයි මොවුන්ට ඕනෑ. සාර්ථකව රට වට්ටන්න. ඒකනේ ඔය කියන්නේ... මේවා රටට විනයක්. කවදා කවුරු හෝ නිවැරැදි නායකයෙක් ඇවිත් මොවුන් දඬු කඳේ ගැසූ දාට රට ගොඩදාගන්න පුළුවන් වෙයි...
Bamunuarachchi Wednesday, 15 March 2023 02:49 PM
දැන් ඔබලාගේ මහා එවුන්ගේ බදු ඉවත් කළාද?
vira Wednesday, 15 March 2023 03:05 PM
මේ කාලකණ්ණි එක්ක මොන රජයක් ආවත් වැඩක් නෑ...
බන්දුල Wednesday, 15 March 2023 03:41 PM
වර්ජනය සාර්ථක නම් ඉල්ලපුවා ලැබෙන්න ඕනෑ. වෙලා තියෙන්නේ රට පස්සට ගිය එක විතරයි..
Saman Wednesday, 15 March 2023 09:50 PM
ස්ටාලින් වසන්ත වැද්දා වැනි තිරිසනුන් සමග මොන දියුණුුවක්ද. මුන්ගෙ ඔලුවට තඩි ගලක් බැදල මුහුදෙ දාන්න ඕනෑ
Sunil Gamage Thursday, 16 March 2023 07:13 AM
දූෂණයට එරෙහිව වහා ක්‍රියාමාර්ග අරඹන්න.. වැරදිකරුවන් යැයි ඔප්පු වන පුද්ගලයන්ට දඬුවම් දෙන්න. එතෙක් ජනතාව කිසිම රජයක් විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුවේ යහපත් ප්‍රතිපත්තිවලට ජනතාව හදවතින්ම සහයෝගය දෙන තුරු රට නිවැරදි සංවර්ධන මාවතකටවත් නොයනු ඇත. එපමණක් නොව විනිවිද පෙනෙන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දී එය ක්‍රියාත්මක කිරීම. සංවර්ධිත රටවල් මෙන් සමාගම් සහ තනි පුද්ගල ටා ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා සියලුම ලූප් සිදුරු වසා දමන්න.
saman Thursday, 16 March 2023 08:37 AM
100% ක් පාසල් වසා දමලා .හරි ජෝලින්නේ මේක කියන්නේ .ගෝල් ෆේස් එකට ගෙනල්ලා වෙඩි තියලා දාන්න ඕනේ
Bunny Preena Thursday, 16 March 2023 09:34 AM
ඔවු ඔක්කොමලාම දිනුම්. සාමාන්‍ය දුප්පත් වැඩකරන ජනතාව හැමදාම පරාදයි.