(යොහාන් භාසුර)
දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (11) පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත් එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවත් එම නිලධාරියා කීය.
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන් ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බව කී එම නිලධාරියා වර්ජනය අඛණ්ඩව පැවතුණ හොත් අලාභය තවත් වැඩි වන බව ද සඳහන් කළේය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක් අහිමිවෙයි
ලසන්ත Thursday, 11 July 2024 03:33 PM
80ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගතනොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි. මෙහෙ පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙනෙ සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධරීන් ගෙදරයවා කොන්ත්‍රත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිළධාරීන් අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහල මට්ටම් වල යහපත් නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීලඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි.
SUNIL MILANO Thursday, 11 July 2024 06:56 PM
ලංකාව හදන්න ඕන නම් සියලුම ආයතන පුද්ගලීකරණය කල යුතුය
GAMA VARESE Thursday, 11 July 2024 07:02 PM
මෙම මුදල් වර්ජනයට සහභාගිවු සියලුදෙනාගෙන්ම අයකල ගත යුතුය