(නිමන්ති රණසිංහ)
වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු රජයේ නිලධාරීන් කොරෝනා ආසාදිතව මියගිය අයගේ යැයි කියන සංඛ්‍යා ලේඛණ වැරදියට දක්වා සහ වෙනස් කර දක්වා ජන ජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඇතුලූ ජනතාවට සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යයෙත් වැරදි කර ඇති බවට එම පැමිණීල්ලෙන් දක්වා ඇත.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර නිතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එලෙස මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වයිරසයෙන් මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට කරන ලෙසට පැමිණීල්ලෙන් ඉල්ලා ඇත.
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක්
කිරි පුතා Monday, 21 June 2021 02:18 PM
ඔවුන් සියලු දෙනාගේම බැංකු ගිණුම් පරීක්ෂා කරනු ඇතැයි සිතමි. මුදල ඉදිරියේ උගත්කම් වැදගත්කම් ඈලියාවට ගිය කාලයක් මේක....
වෙද පප්පා Monday, 21 June 2021 03:19 PM
මේ වගේ වෛද්‍යවරුන් ජනතාවට ප්‍රතිකාර කරයි කියා හිතන්න පුළුවන්ද?
Chamal Monday, 21 June 2021 03:24 PM
ඒක වැරැද්දක් නම් ඔය ඇමැති ගොල්ලෝ මොනතරම් පච කෙළිනවද? ඒවා වැරැදි නෙමෙයිද?
විපරමා Monday, 21 June 2021 04:02 PM
එහෙම බැලුවොත් අපේ රටේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ බොරු බේගල් කොච්චරවත් කියනවද. මුලු මහත් ජනතාවම ගොනාට අන්දලා ,කියන්නෙම ටොම්පච ?
fairoos Monday, 21 June 2021 05:34 PM
මේකත් අර සිරිසේන ඉන්නකොට කිව්වා වගේ තමයි මම දන්නේ පත්තරෙන් බලලා. නන්දසේන දන්නේ 2000ක් මැරුණාට පස්සේ...
BamunuarachchiTuesday, 22 June 2021 08:37 AM
ඔහේ දැන ගන්නේ කොහොමද? විශේෂ නියෝජිතයින් පත්කරලා තිබෙනවද? පිස්සු කෙලින්න එපා හලෝ... දෙන දෙයක් කාලා ඉන්න. අපි බලා ගන්නම් අපේ වැඩ...