IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැරදුණු කුරුමානමින් අහිංසක තරුණයා මරු තුරුළට

(ප්‍රියන්ත දසනායක)

සිය මිතුරාගේ ජංගම දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු අසුනේ ජංගම දුරකථනය ආරෝපනය කර ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකුට එල්ල වූ වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි.

මෙය ඉලක්කය වැරදී සිදුවූ ඝාතනයක් බවට පෙනී යන බව ද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

මෙසේ අවාසනාවන්ත ලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුයේ එම අලෙවිහලේ හිමිකරුගේ මිතුරකු වූ වැලිපිටිය, මූණමල්පේ පදිංචිව සිටි මින්දික අලුත්ගමගේ (අවු.22) නම් තරුණයෙක් බවත් කීය.

වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වෙළෙදසල් හිමිකරු එහි නොසිටි බවත් එම නිසා වෙඩික්කරුවන්ට යම් වැරදීමක් වන්නට ඇතැයි සැකකොට ඒ ඔස්සේ තවත් විමර්ශනයක් සිදු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මින්දික උඩුකාව ප්‍රදේශයේ ඇගලුම්කම්හලක සේවය කොට යතුරුපැදියෙන් සේවය නිමවා යළි නිවස බලා යන අතර තුර සිය මිතුරාගේ අලෙවිසලට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලීසිය කීය.

අලෙවිසලේ හිමිකරු දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ඉන් පිටතට පැමිණ රැදී සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන ඇති බව කියති.

මෙම අලෙවිසලේ හිමිකරු ප්‍රදේශයේ මත්පැන් අලෙවි හළකින් රුපියල් ලක්ෂ 21ක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හල අයකු බවත් පොලීසිය පවසති.

එම අවස්ථාවේ පොලිස් නිළධාරින් තමාට පහරදුන් බව පවසමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවත් හිමිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සදහන්ය.

එම පෙත්සම ගොනු කිරීමෙන් පසු තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු පෙන්වාදීමෙන් පසු ජිවිතයට ඇති තර්ජනයන් සලකා ඔහුට පොලිසිය භාරයේ ආරක්ෂාව සලසන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පොලීසියට නියෝග කළේය.

කෙසේවෙතත් වෙඩි තැබීමට ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය අංක තහඩු නොමැතිව හෙල්මට් උපකරණ සමග මාතර බණ්ඩත්තර ඇළවේල්ලේ මඩවගුරක දමාගොස් තිබියදී සොයා ගැනීමට අද දහවල් පොලීසිය සමත් වූහ.

එහෙත් ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව උසස් පොලිස් නිළධාරින් පවසති.

වෙඩි වැදීමෙන් මියගිය මින්දික අලුත්ගමගේ තරුණයා සහොදරයන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා බවත් වැඩිමහල් සහෝදරයා ගුවන් හමුදා නිළධාරිකු බවත් අනෙජ් සොහොයුරා කොරියාවේ රැකියාවක නියුතු අතර මින්දිකද තවත් නොබෝ දිනකින් කොරියාවේ රැකියාවට යෑමට පොරොත්තු ලේඛනයේ රැදී සිට ඇතැයි ඥාතීන් පවසති.

මේ අතර මේ අයුරින්ම වෙඩික්කරුවන්ට ඉලක්කය වැරදීමෙන් අපරාධවලට සම්බන්ධ නොවූ තරුණ ජීවිත රැසක් අහිමි වූ බව පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙති.

තෙලිජ්ජවිල ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කර තිබේ.

අපරාධය සිදුවූ ස්ථානය හා අකුරැස්ස අමලගොඩ නිවසේ දේහය රැගෙන ඒමට පෙර.

 



අදහස් (6)

වැරදුණු කුරුමානමින් අහිංසක තරුණයා මරු තුරුළට

dupul Monday, 22 January 2024 08:44 AM

අසේවනාච බාලානං

:       0       7

Bunny Preena Monday, 22 January 2024 08:52 AM

නරක මිතුරු ආශ්‍රයේ විපාක

:       0       8

Nimal Monday, 22 January 2024 09:13 AM

මේක පොලිසියේ වැඩක් වගේ.

:       1       4

Perera Monday, 22 January 2024 09:42 AM

යුක්තියේ මෙහෙයුමට මුවා වී සිවිල් ඇඳුමින් ආපු පොලිස් කාරයෝ වගේ මට නම් පෙනෙන්නේ

:       1       6

චින්තක Monday, 22 January 2024 10:27 AM

ඕක තමයි කියන්නේ තමන්ට නුසුදුසු, එහෙම නැත්නම් අයිතිය නැති තැන්වල වාඩිවෙන්න එපා කියලා ගෝඨාභය කරගත්තෙත් ඒකමයි සාමාන්‍යයෙන් ඔෆිස් එකකට ගියාම, නැත්නම් පාසලකට ගියාම ලොක්කාගේ/ විදුහල්පති ආසනයේ කිසිවෙක් වාඩිවෙන්නේ නැහැ.. ගුරු පුටුවේ දරුවෝ ඉඳගන්නේ නැහැ... දැන් කාලයේ කවුරුවත්ම ඕවා ගණන් ගන්නේ නැහැ. කොහොම වුණත් අතීතයේ මිනිස්සු කියපු දේ කිසිවක් වැරැදිලා නැහැ...

:       0       6

මරිසිපාල Monday, 22 January 2024 12:25 PM

අසේවනාච බාලානං පන්ඩිතානංන්ච සේවනා කියලා බුදුහාමුදුරුවෝ දේශනාකර තියෙනවා ඉතින් මෙම තරුණයා මෑතකදී නිදහස ලබා පැමිණි කෙනෙක් හමුවෙලා ඔහුගේ අසුනේ ඉදගෙන තියෙනවා කොන්ත්‍රාත් මැරයො සත්‍ය පුද්ගලයා නොදැනීම නිසා මේක වෙලා කියලද කියන්නෙ

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 770 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1650 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2343 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6024 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4113 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site