(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොළඹ වරාය අධිකාරියට අයත් අක්කර 13 ක ඉඩමක් චීනයට රුපියල් කෝටි 3000කට ලබා දීමට කටයුතු කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය.
මෙම ඉඩම පිහිටා ඇත්තේ කොළඹ වරාය නගරය ආසන්නයේ බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වරාය හා නාවික අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මෙය ඉතා වටිනා ඉඩමක් බවද ඔහු සඳහන් කළේය.
ඩොලර් අවශ්‍ය බව පවසමින් රටේ දේපළ මෙසේ විකුණන බවත් මෙය බරපතළ අපරාධයක් බවත් අශෝක් අබේසිංහ මහතා කීවේය.
වරාය වෘත්තිය සංගම් මේ තීරණයට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බව පැවසූ මන්ත්‍රීවරයා බටහිර දියකඩනය සෑදීම අදානි සමාගමට ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර වරාය අධිකාරිය කෝටි 316ක් සූරියවැව ක්‍රීඩාංගණයට ලබා දිය යුතු බව අයවැය සාරාංශවල දැක්වෙන බවත් එහි එසේ සඳහන් වුවත් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වරාය අධිකාරියට රුපියල් බිලියන 2 කට වැඩි මුදලක් ගෙවිය යුතු බව කෝප් වාර්තාවේ සඳහන් වන බවත් ඔහු පැවසුවේය.
අරුම පුදුම රටක මිස මේවා වෙන සාමාන්‍ය රටක සිදුවිය නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වරාය අධිකාරියේ අක්කර 13ක් චීනයට කෝටි 3000කට විකුණන්න යනවා‘
විජිත් Thursday, 02 December 2021 05:11 PM
අනාගතයේ පත්වෙන රටට ආදරේ රජයක් යටතේ රජය විකුනපු සියලු දේපොළ වන්දි විරහිතව පවරාගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බැරි ඇයි...?
Bamunuarachchi Thursday, 02 December 2021 05:44 PM
ෂා...! නියමයිනේ... ඔහෙලට එ්කවත් කරගන්න බැරි වුණානේ...
ජල්තර Thursday, 02 December 2021 09:43 PM
මෙයාට ආපහු c.i.d. යන්න ආසා හිතිලා වගේ. නිතරම හිතලු කතා කියලා ඇදගෙන නාගන්න බබා. මුංදෑ ගැන මට නං හරි දුකයි...