(මුදිතා දයානන්ද)
වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වාමාංශික පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදි පැවති ලංකා සමසමාජ පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ලෝකයේ අර්ථික වශයෙන් බලවත්ම රාජ්‍යය බවට මේ වන විට චීනය පත්ව ඇති බවද, බටහිර ආර්ථිකය අභිබවා ආසියානු ආර්ථිකය ඉදිරියට පැමිණ ඇති බවද චිනයට එරෙහිව දුර්මත ප්‍රචාරය කරනු ලබන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් බවද ගුණසේකර මහතා එහිදි පැවසිය.
වරාය නගරය සම්බන්ධයෙන් රජය ඉදිරිපත්කරන ලද වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ව්‍යවස්ථානුකූල විය යුතු බවද ඒ සම්බන්ධයෙන් යම් ගැටලු වේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට අදාල තීන්දු ලැබෙනු ඇති බවද සඳහන් කළ ගුණසේකර මහතා මෙම ව්‍යාපෘතිය රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට ගත හැකි වැදගත්ම හොඳම තීන්දුවක් බවද සඳහන් කළේය.
මේ වන විට රට දැවැන්ත විදේශ විනිමය සංචිත කඩා වැටීමේ අර්බුදයකට මුහුණ පා සිටින බවද එය පියමං කිරීම සඳහා රටට විදේශ ප්‍රාග්ධනය ගෙන්වා ගත යුතුව ඇති බවද ඒ කාර්යයේදි වරාය නගර ව්‍යාපෘතිය වැදගත් බවද ඔහු පැවසීය. අද ලෝකයේ දැවැන්තයා බවට පත්ව සිටින ඇමරිකන් ඩොලර් වෙනුවට චීන යුආන් භාවිතාවට එන්නේ නම් ඒ ගැන සතුටු වෙනවා වෙනුවට වාමාංශික පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ විරෝධය දැක්විම පුදුම සහගත බවද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක
අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා
ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.
ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘‘වරාය නගර ව්‍යාපෘතියට අපේ උපරිම සහාය‘‘
WCA Tuesday, 27 April 2021 06:11 PM
කොහොමත් ඔයාල විරුද්ධ වුණා කියල වැඩක් නැනේ .උපන් දා ඉදන් කලේ එසේය එසේය කීම විතරයිනේ නමට "සම සමාජ"
chithranjan Tuesday, 27 April 2021 06:31 PM
එදා ඉඳලාම කලේ පාවාදීමයි.
Rata Perata Thursday, 29 April 2021 06:16 AM
අව්වට වැස්සට තෙමිලා නාකිවුණ කුරුමාණම්කාරයෝ
ranjith Friday, 07 May 2021 02:21 PM
දැන් පිස්සු හැදිලා වගේ...
Kapila Friday, 07 May 2021 03:21 PM
වාමාන්ශිකයෙක්...