(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබියදී පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම කාරක සභාව ඒ නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර ඇත.
කොමිෂන් සභාවේ නිලධාරීන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ඒ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
කොමිෂන් සභාවේ නිලධාරීන්ට පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදා රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබිණ.
කාරක සභාව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරිමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වරයා එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නැතැයිද මෙහිදී තොරතුරු අනාවරණය විය.
එසේම විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමේ ප්‍රමාදය පිළිබඳවද කමිටුව කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කළේය.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර තිබූ රෙගුලාසි,ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) වැනිදා සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණයවිය
ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බවද සඳහන් කළේය.
මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් වඩා වගකීම් සහගතබවකින් ක්‍රියාත්මක විය යුතු බවද මෙහිදී කමිටුව එහි නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරනු ලබන ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසුවේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කැසිනෝ ව්‍යාපාරය නියාමනය වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
මේ අවස්ථාවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අනුප පැස්කුවල්, (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ සුමිත් උඩුකුඹුර යන මහත්වරුද සහභාගිවූහ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරාය නගරයේ ලොක්කන්ට මුදල් කමිටුවෙන් අවවාද