ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් තබන ලද ත්‍රෛපාර්ශවීය ගිවිසුමෙන් ඉවත්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
උපායමාර්ගික වැදගත්කමකින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේදී, ශ්‍රී ලංකා රජය 2019 වසරේ මැයි මාසයේ අත්සත් තැබූ ත්‍රෛපාර්ශවීය ගිවිසුමේ බැඳීම්වලට අනුව කටයුතු කළ යුතු බව ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදි ශ්‍රී ලංකා නායකත්වයට දැනුම් දී ඇත.
අදාළ ත්‍රෛපාර්ශවීය ගිවිසුමට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 51%ක හිමිකාරීත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන අතර ඉතිරි 49% ඉන්දියාවට සහ ජපානයට හිමි වේ. ඉන්දියාව ඔවුන් වෙනුවෙන් අදානී සමාගම නම් කර ඇත. නිල ඇස්තමේන්තු කිරීම්වලට අනුව ඉන්දියාවේ අදානි සමාගම සහ ජපන් සමාගම් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ඇස්තමේන්තු කිරීමට අපේක්ෂිත ය.
මෙම ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ද ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙන බව ඉන්දීය පාර්ශවයෙන් දැනගන්නට ලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ණය ගැනීමට වඩා සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇතැයි ද ‘ද හින්දු’ පුවත් වාර්තාවේ දැක්වේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකාව ආණ්ඩුව ගත් කැබිනට් තීරණයට පසු මෙම ඉහළ මට්ටමේ සාකච්ඡාව ඊයේ (2) පවත්වා ඇත. නැගෙනහිර පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා වරාජය අධිකාරිය සතුව තබාගැනීමටත් කොළඹ බටහිර පර්යන්තය අවුරුදු 35ක ගිවිසුමකට යටත්ව ඉන්දියාව සහ ජපානයට ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉකුත් දා හිමිවිය.
ශ්‍රී ලංකාව ජපානය සම්බන්ධ කරගත් දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වෙනස් කළ දෙවැනි අවස්ථාව මෙය වේ. ජපානයෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක අරමුදලක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ‘ලයිට් රේල්’ ව්‍යාපෘතිය නවතා දැමීමට ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ දී පියවර ගත්තේ ය.
ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය කනස්සල්ලටත් විමසිල්ලටත් පත්ව ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රජය සිය තීරණය හෝ වෙනත් විකල්ප යෝජනාවක් කිසිදු පාර්ශවකරුවකුට දැනුම් දී නොමැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
‘‘රටවල් දෙක මේ සම්බන්ධයෙන් දැනගෙන තිබෙන්නේ කැබිනට් තීරණයෙන් පසුව’’ යැයි එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූ කමිටවු ඉදිරිපත් කළ කිසිදු යෝජනාවකට අදාළ ‘‘විදේශ සමාගම’’ එකඟ නොවූ බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඉන්දියාව සහ ජපානය පුදුමයට පත්වූ බව එම ආරංචි මාර්ග සඳහන් කර ඇත. එම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ පසුගිය සතියේදී වීම ඊට ප්‍රධානම හේතුවයි.
කැබිනට් තීරණයෙන් පසු වෘත්තීය සංගම් සිය විරෝධතා නැවැත්වීමට පියවර ගත්තේ ය.
විශේෂයෙන්ම වසංගතයෙන් පසු සිදු වූ ආර්ථික බලපෑමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරිය සංවර්ධනය කිරීමට මුදල් සොයාගන්නේ කෙසේ දැයි විමසූ විට, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඔවුන්ගේ මුදල් ඒ සඳහා භාවිත කරන බවත් ඊට අමතරව දේශීය වාණිජ බැංකුවලින් ණය ලබාගන්නා බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කළේ දැයි විමසූ විට, ‘‘මෙය සංවේදී රාජ්‍ය තාන්ත්‍රික කරුණක් බවත් ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියාව සමඟ මිත්‍රශීලි සබඳතා පවත්වාගෙන පැමිණි බවත් ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඒ සියලු තොරතුරු මෙහිදි අනාවරණය කිරීම සුදුසු නැති බවත්’’ අමාත්‍යවරයා කීය.
නැගෙනහිර පර්යන්තය මේ වනවිට එහි සංවර්ධන ක්‍රියාවලියේ පළමු අදියරේ පසුවන අතර එය තවදුරටත් වැඩි දියුණු කළ යුතු ව තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මීටර 450ක දිගින් යුත් වරාය වේදිකාවකින් සමන්විත වන අතර එහි ගැඹුර මීටර 18ක් වේ. ඒ අනුව එම පර්යන්තයට බහාලුම් (කන්ටේනර්) සහිත විශාල නෞකා හැසිරවිය හැකි ය. කෙසේ නමුත් බටහිර පර්යන්තයට අදාළව කිසිදු යටිතල පහසුකම් විවෘත කර නොමැති අතර එය තවමත් යෝජනා මට්ටමේ පවතී. ඊට අමතරව නෞකා භාණ්ඩ හැසරවීමේ ආර්ථික කටයුතුවලට ඉඩ සැලසීම සඳහා නැගෙනහිර පර්යන්තය සහ කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී (සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්) පර්යන්තය හා යාවී තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ භූ උපායමාර්ග ඉතා පැහැදිලිය. නැගෙනහිර පර්යන්තයට අනෙක් පැත්තේ පිහිටා ඇත්තේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්- සී.අයි.සී.ටී) යි. චීනයේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස එය පවත්වාගෙන යයි. එහි සියයට 85ක හිමිකාරීත්වය ඇත්තේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගමට ය.
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ගැඹුරු ඇති පර්යන්තයක් වන වරායේ තිබෙන ප්‍රධාන පර්යන්ත තුනෙන් කාර්යබහුලම පර්යන්තය වේ. ඊට ඉතා විශාල නෞකා හැසිරවීමේ හැකියාව තිබේ.
ඊට අමතරව, ඊට නුදුරින් කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. චීනය කොළඹ වරාය ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.
‘ද හින්දු ඇසුරිනි’
055
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරායේ නැ‘හිර පර්යන්තය සංවර්ධනය ගැන සාකච්ඡා
chandana Wednesday, 03 February 2021 06:00 PM
ඔවුන්ගේම රටේ ගොවියන්ට මේ දිනවල සලකන ආකාරය විමසිල්ලෙන් බැලුවොත් ඔවුන් අපේ රටට කෙසේ සලකාවිදැයි සිතාගත හැකිවනු ඇත. එබැවින් විශ්වාසකල නොහැකි අසල්වැසියකු මත යැපෙනවාට වඩා වෙනත් විශ්වාශවන්තයන්ට සමීප වීම උපායමාර්ගිකව වැදගත් වනු ඇත. මක් නිසාද යත් කුමන තත්වයක් මතදී වත් මොවුන්ගෙන් විශ්වාසය බලාපොරොත්තු විය නොහැකි බැවිනි. විශේෂයෙන් අන්තර්ජාතික වශයෙන් මොවුන්ට වඩා චීනය හා රුසියාව විශ්වාස කිරීම යහපතකි.
Demuni Uduwara Wednesday, 03 February 2021 10:22 PM
අපේ පාලකයෝ ආචාර ධර්ම සහ හැසිරීම් ගැන දන්නේ නැහැ..
BamunuarachchiSaturday, 06 February 2021 04:20 AM
ඇත්තටම ඔබ තරම් දන්නේ නැතුව ඇති. බැරිද ටියුෂන් පන්තියක් පටන් ගන්න? ටේබල් මැනර්ස් වලින් පටන් ගන්න.
kamal koyrala Thursday, 04 February 2021 06:29 AM
මොන රතු මල්ලිලා හෝ වෘත්තීය සමිති වෘත්තීය සමිති වර්ජනය කළත් අලි, ටෙලිෆෝන්, අත, සීනුව, පොහොට්ටුවේ හවුල් නඩය දැන් සද්ද නැතිව ඉන්නේ. රිමෝට් එක ඉන්දියාවේ.. යුද්ධයක් නම් කරන්න තිබුණා. මේක වරායක්නේ..