IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක්

(යොහාන් භාසුර)

දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බව එම වරායේ සේවකයෝ චෝදනා කරති.

නැගෙනහිර බහලුම් පර්යන්තයේ සේවය කරන සේවකයකු පසුගිය 12 වැනිදා රාත්‍රී කුස්සියෙන් ලබාගත් ආහාර පාර්සලයේ මෙම මියගිය කැරපොත්තා සිටි බව ද සේවකයෝ කීහ.

කොළඹ වරාය කුස්සියේ කෑමවල සහ එහි පරිපාලනයේ වර්තමානය වන විට ප්‍රමිතිය පිළිබඳව දැඩි ගැටලුවක් පවතින බවත් කෑමවල තිබී පිහියකින් කැඩී ගිය කොටසක් ද මීට දින කීපයකට පෙර සේවකයෙක්ට හමුවී ඇති බවත් සේවකයෝ සඳහන් කරති.

වෛද්‍යවරු ද ඇතුළත්ව සිටි කමිටුවක් එම කුස්සියේ ආහාර පිසීම සුරක්‍ෂිත කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම කළ ද මෑතක සිට ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම හේතුවෙන් නිලධාරීන් සහ සේවකයන් පීඩාවට පත්ව ඇති බවත් බලපෑම් සමඟ සේවක අප්‍රසාදය මත ආහාර සුරක්‍ෂිතතාව පහළ වැටී ඇති බවත් සේවකයෝ පැවසූහ.

වරාය අධිකාරියට මෑතකදී පත්වීම් ලැබූ බොහෝ දෙනෙක්ට එහි පරිපාලනය පිළිබඳව නිසි අවබෝදයක් නොමැති බව කියන සේවකයෝ වර්තමාන පරිපාලනයේ උසස් නිලධාරීයෙක් වරාය කුස්සියෙන් අමතර කෑම ලබාගෙන එයට මුදල් ගෙවීමට ගොස් ඇති බව ද පැවසූහ.

‘වරායේ කෑම විකිණීම තහනම්’ යැයි එම අවස්ථාවේදී ප්‍රධාන නිලධාරියට කුස්සියේ සේවකයන් පවසා ඇතැයි ද වරාය සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

මෙම සිද්ධිය පිළිබඳව වරාය මුළුතැන්ගෙයි අධ්‍යක්‍ෂ මොහොමඩ් රම්සීන් මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ තමන් නිවාඩු ලබා ගමට පැමිණ සිටින බැවින් ඒ පිළිබඳව නොදන්නා බවත් වරාය මුළුතැන්ගෙයි කළමනාකරුගෙන් විමසිය යුතු බවත්ය.

ඒ පිළිබඳව විමසීමට වරාය මුළුතැන්ගෙයි ප්‍රධාන කළමණාකරු ඇලපාත මහතාගේ දුරකථනයට ඇමතුව ද ඒ මහතා ප්‍රතිචාර නොදැවීය.

මෙම සිද්ධිය පිළිබඳව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ කෑම තුළ කැරපොත්තෙක් සිටියේ යැයි පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැති බවත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීම නවතා තමන් එය බේරාගත් බවත්ය.

 



අදහස් (9)

වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක්

Pradeep Kumara Tuesday, 14 January 2025 05:07 PM

මට නම් පේන්නේ අළුත් කට්ටිය හැමතැනම වැඩ අනා ගන්නවා වගේ...!

:       42       86

Samantha Tuesday, 14 January 2025 05:17 PM

වරායේ කුස්සියේ කෑමවල ප්‍රමිතිය සහ ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව වරාය සේවකයින්ට පමණක් නොව, මුළු රටටම බලපාන කරුණක් වන්නේ රටේ ආර්ථිකයට එහි ඇති බලපෑම සහ වැදගත්කම නිසායි​. එහෙත් එහි වගකීම බාර ගැනීමට, අධ්‍යක්‍ෂකට හෝ කලමනාකරුට නොහැකි නම් ඔවුන් එම තනතුරු වලට සුදුසු වන්නේ නැත​. වරායේ සභාපති ගේ යන්නේ කොහේද? මල්ලේ පොල් පිළිතුරද අදට වඩා ගැලපෙන්නේ හෙටයි​. ඔහු වරාය කුස්සිය පුද්ගලික කරණයෙන් බේරාගෙන ඇති බැවින් ඔහු විසින් මෙහි බිඳ වැටීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාරගත යුතුයි​. එය එසේ නොවන්නේ නම්, ඔහු ඒ කුමක් නිසාද යන්න ජනතාවට පැහදිලි කළ යුතුයි​. නැතිනම් රජය විසින් ඒ වගකීම බාරගෙන ඔහුව වහාම ඉවත් කළ යුතුයි​. මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා තැනක වැඩ කරනවාට වඩා වෙනත් තැනක වැඩ කිරීම වඩා සුදුසු බව සේවකයින් සිතන තැනට තල්ලු නොකර සිටීමට වග බලාගැනීම පාලකයින්ගේ වගකීම වන්නේය​.​

:       5       42

Lalla Tuesday, 14 January 2025 11:51 PM

යන්න බයිලා නොකියා. කොටුවේ වැඩකරන වරාය බත් පැකට් නොකාපු එකෙක් හොයන්න බලන්න. ඕකේ සේවක රැල සෑහෙන සංඛ්‍යාවක් බත් එක විකුණනවා. පෝෂණය නම් තියෙනවා. ඒත් දියරසයි. ඕකට කැරපොත්තෙක් දෙන්නෙක් දාන්න ඇත්තේ ඕකෙම සේවකයෝ. මොකක් හරි කොක්කක් ඇදගන්න.

:       2       2

Buddika Tuesday, 14 January 2025 05:54 PM

හැමදාම චිකන් ෆිශ්, බිත්තර දෙන්නේ. ඉඳලා හිටලා කැරපොත්තෙක්, හූනෙක්, ගෙම්බෙක් දාන්නේ වෙනසකට. ඒක තෙරෙන්නේ නැත්ද?

:       40       20

Sugath Wednesday, 15 January 2025 07:05 AM

මේ වරායේ මිනිස්සුන්ට කෑම නොමිලේ දෙනවද ?? මම දැනගන්න කැමතියි. එය නොමිලේ නම්, මෙම වරාය සේවකයින්ට වෙනත් අයට මෙන් නිවසින් දිවා ආහාරය ගෙන ඒමට නොහැක්කේ ඇයි?

:       0       11

Sugath Wednesday, 15 January 2025 07:17 AM

"රජයට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) 2021 දී එහි සේවකයන්ට නොමිලේ ආහාර සැපයීමෙන් රුපියල් බිලියන 1.11ක වියදමක් දැරීමට සිදු විය. වරාය සේවකයන් මෙතරම් විශේෂ වන්නේ ඇයි? ඔවුන්ට නොමිලේ දිවා ආහාරය ලැබෙන්නේ ඇයි? තැපැල් සේවකයින් ගැන කුමක් කිව හැකිද? දුම්රිය කාර්ය මණ්ඩලය? නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලය? මෙය නැවැත්විය යුතුයි. මොන නාස්තියක්ද. ඔවුන් සැළකිලිමත් වන බව පෙනෙන්නේ ඔවුන්ගේ බඩ සහ ආහාර පමණි.

:       1       11

ලුම්බිණි Wednesday, 15 January 2025 09:01 AM

කෑම වල කැරපොත්තා ඉන්න එක ප්‍රශ්නයක් නොවුණත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීමෙන් බේරාගත්තා කියන එක වැදගත් බවයි පෙනෙන්නේ . මෙහෙම අයද අලුතින් පත් කරලා තියෙන්නේ ?

:       2       6

අරවින්ද මොනරවිල Wednesday, 15 January 2025 09:46 AM

වරායේ කුස්සියේ උයන ආහාර වල අඩුපාඩුවක් හෝ යම් අකටයුත්තක් සිදු වෙලා තියෙනවා නම් ඒකට වග කියන්න ඕනා මුලුතැන්ගෙය භාර නිලධාරීන් මිස සභාපතිවරයා නොවෙයි කියලා නොදන්නා සිලින්ඩර් පොහොට්ටු ටෙලිෆෝන් බයියන්ට අපගේ බලවත් ශෝකය පලකරන අතර සමහරවිට මේවා රජය අපහසුතාවයට පත් කරන්න හිතාගෙන කරන බයි කුමන්ත්‍රණ වීමටද ඉඩ තිබෙනවා.

:       3       9

de silva Wednesday, 15 January 2025 01:34 PM

කරුමය කැරපොත්තා ලෙසද පැමිණිය හැකිය.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 319 1

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 359 1

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
2025 අප්‍රේල් මස 29 197 0

“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 1684 5

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 769 6

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 960 10

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 59 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 20 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1055 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site