IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘වැල් පාලමේ ගමන අතරමග නතර කලොත් ජනතාව වැටෙන්නේ ගඟට‘

(අංජුල මහික වීරරත්න)

වැල් පාලමේ ගමන අතරමග නතර කළහොත් සියලු රට වැසියන් ගඟට ඇද වැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාවනැල්ලේ  " පුළුවන් ශ්‍රී ලංකා"ජනපතිවරණ ජනරැළිය අමතමින් අද( 27)පැවසීය. 

රටේ ආර්ථිකය හදන්නට කිසිදු සැලසුමක් ඉදිරිපත් නොකරන සජබෙ සහ ජවිපෙ උත්සාහ කරන්නේ වැල් පාලමේ රැහැන් දෙපැත්තෙන්ම කපා දමා ජනතාව ගඟට ඇද දැමීමට යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වැල් පාලමේ ඉතිරි කොටස ගෙවා දමා දුෂ්කර ගමන අවසන් කොට ආර්ථික සමෘද්ධිය උදාකර ගන්නවාද? නැතිනම් ගඟට වැටී අනාගතය නැති කරගන්නවාද? කියා සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා කීය.

"බදු අය කරන්නේ නැතැයි සමහර පක්ෂ කියනවා. විකල්ප බදු නැත්නම් කරන්නේ කුමක්ද?එවිට ආදායම අඩු වෙනවා. වැල් පාලම කපා දමා ගියොත් අප යන්නේ ගඟට.

මේ බද්ද  අඩු කරනවා, අර බද්ද අඩු කරනව යැයි  කියනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බිලියන දෙසීයක්වත් ආදායම අඩු වෙනවා .ඒ කියන්නේ වැල් පාලම කපා දමනවා. වැඩියෙන් දෙනවා කියනවා. ආදායම අඩුකර වැඩියෙන් දෙන්නේ කොහොමද?

ගණිතය දන්නේ නැතිනම් ආර්ථිකය දන්නේ නැතිනම් එහෙම කියන්න පුළුවන්.

මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින්  නොව  දෙපැත්තෙන්ම කපා දමන්නයි.මම ජවිපෙ  ප්‍රතිපත්ති  ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඔබට එය කියවන්න මාස දෙක තුනක් යාවි .ඒ අතරතුර ඡන්දය තිබෙන නිසා අපට ඡන්දය දී ඊට පසුව ඒ ප්‍රතිපත්ති කියවා බලන්න.

අප වැල් පාලම අතහරින්නේ නැතිව මේ ගමන යා යුතුව තිබෙනවා. ආර්ථික ස්ථාවර බව ඇති කර එහි ප්‍රතිඵල ලබා දිය යුතුයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය. මාවනැල්ල බස් නැවතුම්පොලේදී මෙම ජනරැළිය පැවැත්විණි.

 



අදහස් (22)

‘වැල් පාලමේ ගමන අතරමග නතර කලොත් ජනතාව වැටෙන්නේ ගඟට‘

Achini Tuesday, 27 August 2024 06:52 PM

මංකොල්ලකෑවේ නැත්නම් මේ රට දියුණු කරනවා...!

:       0       4

සිල්වා Tuesday, 27 August 2024 07:01 PM

කයිය තමයි. දැන් වැල්පාලමට උඩින් වතුර ගලනවා. වාන් දොරටු කඩාගෙන බිඳගෙන ජනතාව එන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම සුබයි...

:       1       4

Pankumburage Tuesday, 27 August 2024 07:07 PM

එයාට ඔක්කෝම කියවන්න කාලය තියෙනවා. අනෙත් අයට ඡන්දෙන් පස්සේ කියවන්න. ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න ඕනෑ ඡන්දෙන් ඉස්සෙල්ලා...

:       0       3

පොඩිඑකා Tuesday, 27 August 2024 07:19 PM

ජනතාව කෙසේ වෙතත්, මුන්දැයි අනිත් හොරු ටිකයි යන වැල් පාලමනම් 21 වෙනිදට දෙකොනින් විතරක් නෙවෙයි අඩියෙන් අඩියට කම්මුතු වෙනවා සිකුරුයි.

:       1       5

රම්සි Tuesday, 27 August 2024 07:21 PM

වැලේ වැල් නැතිවෙලා දැන් වැල්පාලං පෙන්නනවා.

:       2       5

පිනා Tuesday, 27 August 2024 09:10 PM

වැල් පාලම හැදුවෙත් රනිලුයි මහින්දයි එකතුවෙලා නේද ? ලංකාවට හොඳයි මේ මෝඩ ජෝක්ස්

:       1       4

ගමේ එකාලා Tuesday, 27 August 2024 09:35 PM

අමුතුවෙන් කියලා වැටෙන්න දෙයක් නැහැ. බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි, දූෂිත, දේශපාලුවන් දැනටමත් ඒ වැඩේකරලා ඉවරයි...

:       1       4

Susa Tuesday, 27 August 2024 09:47 PM

මහජනතාව නම් කොහොමටත් වැටිලා ඉවරයි. හැබැයි දැන් ගමන නැවැත්තුවොත් වැල් පාලමෙන් වැටෙන්නේ අලුතෙන් ආපු කට්ටිය තමයි. ඒ ගොල්ලන් තමයි ඔය වැල් පාලමෙන් එගොඩ වෙන්න අලි වලිගේ එල්ලෙන්න බැරි නම් සිලින්ඩරෙ එල්ලිලා හරි දිව්‍යලෝකේ යනවා කියලා රනිල් ගාවට ආවේ

:       1       5

jayantha Tuesday, 27 August 2024 09:50 PM

වැලේ වැල් නැති ජාතියක්

:       1       4

dhanushka Tuesday, 27 August 2024 09:52 PM

ජනතාව කෙසේ වෙතත් රනිල් ලොක්කයි හොරු හැත්තයි නම් ගගේ ගිලෙනවා ශුවර්....

:       1       6

Nishan Wednesday, 28 August 2024 04:44 AM

ජාජබ බදු සියල්ල අහෝසිකොට රාජ්‍ය ආදායම බිංදුවට බස්සලා පඩි නැතුව වැඩ කරන්න කියයි. පැන්ෂන් ඕනෑ නම් කුඹුරට බහින්න කියයි. ගෑස් නැතුව දර ලිපේ උයන්න කියයි. බයිසිකලේ ගමන් බිමන් යන්න කියයි. අනිත් සියළුම සේවා, සෞඛ්‍යයට, අධ්‍යාපනයට මුදල් අය කරයි. නැත්නම් රුපියල් බිලියන 200 පිටරටවල ඉන්න එයාලාගේ යාළුවන්ගෙන් අරන් දෙයි. ජාවාරම් කාරයින්ගේ කළු සල්ලි සුදුකර ගන්න අවස්ථාව දෙයි. අයි.එම්.එෆ්. කොන්දේසි කඩලා සල්ලි අච්චු ගහලා බෙදයි. වැල් පාලමේ වැලේ වැල් නැතිවෙනවා... එයාලාගේ බොරු පොරොන්දු ඉෂ්ඨ කරන්න ගියොත්...!

:       7       1

K. G. C. Deepal Wednesday, 28 August 2024 06:07 AM

මෙයා එක දවසින් පොත් කියවලා... අනික් අයට මාස 2ක්‌ යනවා. ඒ තරම්ම ගොන්නු... ආපු අයට ඒකවත් තේරෙන්නේ නෑ... එයා හරියටම කියලා තියෙනවා.

:       0       3

ජයනාත් Wednesday, 28 August 2024 06:16 AM

දැනටමත් මිනිස්සු ගඟේ වැටිල... ජීවිතය මරණ අතර සටනක නිරතව ඉන්නවා . සමහරු මැරිලා .

:       3       3

Sirisena Wednesday, 28 August 2024 07:37 AM

හැමදාම ජනාධිපති අපේක්ෂක රට කෑලි කෑලිවලට කඩා බෙදන්න ඕනෑ කියන සිරිතුංග ජයසූරිය වුණත් කිව්වේ වැල් පාලමේ භාගයක් ගියපු කෙනාටම ඉතිරි ටිකත් යන්න දෙන්න කියලා තමයි... වෙන කෙනෙක් යනවා නම් පාලමේ මැදින් ගොඩවෙන්න බැරිලු... අලුතින් එන කෙනාටත් මුල සිටම යන්න වෙනවා කියලා තමයි. එහෙම අත්හදා බලන්න පුළුවන් වෙලාවක් නොවෙයි දැන් තියෙන්නේ...!

:       3       1

sanath Wednesday, 28 August 2024 07:42 AM

වැල් පාලම නෙවේ මට බෙල්ලේ වැල දමාගන්න වෙලා තිබෙන්නේ පාස්පෝර්ට් එක අලුත් කරගන්න බැරුව , නිවාඩුවට ලංකාවට ආවා පාස්පෝර්ට් එක අලුත් කරගන්න , දැන් එක කරගන්න බැහැ , එහෙම වුනොත් මම අවරුදු 5 විදේශ කරපු රැකියාව අහිමි වෙනවා , ගෙදර ලෝන් එක ගෙවාගන්න බැරිවෙනවා , ළමයි දෙන්නට උගන්වන්න බැරි වෙනවා , ලොකු අමාරුවක වැටෙනවා ,

:       0       4

de silva Wednesday, 28 August 2024 07:46 AM

ඔබට දේශපාලන වේදිකාවේ නම් ඔක්කොම පුළුවන් නමුත් කලට වෙලාවට පාස්පෝර්ට් එකක් , රියදුරු බලපත්‍රයක් වැනි අපගේ මුලික අවශ්‍යතාවයක් සම්පුර්ණ කරන්න නම් බැහැ ..

:       0       4

සෙනෙවිරත්න Wednesday, 28 August 2024 09:53 AM

ඉස්සෙල්ලාම සේරම කරන්න පුලුවන් තමනට විතරයි කියල හිතන එක වළක්වා ගන්න.

:       0       4

සමන්ත Wednesday, 28 August 2024 09:53 AM

තව එක පෝයක් විතරයි උඹට ටොම් පච කියන්න තියෙන්නේ හිතේ දුකට කියන්න තියෙන දේවල්

:       2       6

Rata Perata Wednesday, 28 August 2024 11:47 AM

රනිල් නැතිව රට නම් ගොඩ යනවා. ඒත් රනිල් නම් වැල් පාලමෙන් වැටෙනවා... කරපු ව්‍යවස්ථා විරෝධී වැඩවලට...

:       1       5

Dharmatileke Wednesday, 28 August 2024 12:15 PM

වැලේ වැල් නැතිව ඉන්නේ ජනතාවට කරන්න පුළුවන් උපකාරය තමයි වැල් පාලම දෙපැත්තම කපලා ජනතාවට දෙන්න ගොඩවෙන්න.

:       2       4

ranjith Wednesday, 28 August 2024 03:05 PM

වැල් පාලමෙනේ අවුරුදු 70 ක් ගියා. තව දුන්නත් ඔච්චරයි.

:       0       1

Banda Wednesday, 28 August 2024 03:57 PM

M ජ.වි.පෙ.ට හිටු කියා කඩේ යන බොහෝ පිරිසක්, ජ.වි.පෙ. ගැනවත් ඉතිහාසය ගැනවත්, ලෝක දේශපාලන යථාර්තය ගැනවත්, මෙලෝ හසරක් නොදන්නා අපතයින් රැලක් බව දැන් වඩාත් පැහැදිලිව පෙනේ. කුහකයින් බොහෝවිට තම තමන්ට කළහැකි දේ නොකොට හොයමින් ඇවිදින්නේ අනුන්ගේ මඟුල්මයි. ඔවුන්ට කළ හැකි වෙනත් දෙයක් ඇත්තේම නැති තරම්ය. මෙතැනද ඉන් වෙනස් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2075 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2190 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2748 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5790 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1888 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6524 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site