(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට වසර 08 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් කෝටි 22 1/2ක දඩයක්ද විත්තිකරුවන්ට නියම කළේය.
වසර දෙකක කාලයක් තුළ කළ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17ක මුදල් මෙන්ම හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයේ නිවාස දෙකක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවාස දෙකක්, කොළඹ 07 බගතලේ පාරේ සුවිසල් නිවාස දෙකක්, කොළඹ නගරයේ තවත් නිවාස දෙකක්, අති සුඛෝපබෝභි බී.එම්.ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ ඇතුළු අධි සුඛෝපභෝගී වාහන 4ක්, කිලෝ තුන හමාරක රන් ආභරණ, විත්තිකරුවන් නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් වල තිබු මුදල් මෙන්ම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක්ද රාජසංතක කිරීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාට අමතරව මෙලෙස දඬුවම් නියම වුයේ ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශණී සහ ඔහුගේ ඥාති නැඟණියක වන වසන්ති වසුන්දරා නමැත්තියන්ටය.
2010 ජනවාරි මස පළමුවැනිදාත් 2012 අප්‍රේල් මස 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපළ උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
ඡායා ළහිරු හර්ෂණ
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්
රම්බොඩ Wednesday, 15 January 2025 05:31 PM
හෙරොයින් මිලිග්‍රෑම් කීපයක් ළඟ තබාගෙන සිටි කෙනෙකුට ගිය සතියේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. නිකමට වගේ මතක් වුණා ඒක. ඔළුව මඤ්ඤං වෙලා...
ශෂික මනෝහරWednesday, 15 January 2025 06:42 PM
මේක කුඩු නඩුවක් නොවෙයි. මුදල් විශුද්ධිකරණ නඩුවක්...!
Thenura DuminaWednesday, 15 January 2025 07:01 PM
"හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 1-2 ත් අතර ඇති විටෙක වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවමක් ද හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 2 ට වැඩිවන විට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම ලබාදීමට මහාධිකරණයට හැකියි." මේ යකා ගාව හෙරොයින් තිබිලා නෑනේ. ඒ නිසා දෙන්න පුළුවන් දඬුවම ඕක වෙන්නැති. ඕවාට නම් නීති වෙනස් වෙන්න ඕනෑ.
ලක්විදුWednesday, 15 January 2025 09:23 PM
රම්බොඩ මහතා, ඔහුට දැනටමත් කුඩු සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවෙලා තියෙන්නෙ.
Kamal Koyrala Wednesday, 15 January 2025 06:09 PM
පසුගිය කාලයේ බොහෝ දේවල් රාජසන්තක කළ මේ මුදල් බැර වෙන්නේ කිනම් ගිණුමකටද? සහ පවරාගත් වාහන දේපළවලට කුමක් කළේද? නොදැනුවත් කමට සහ හැමෝගේම දැනගැනීම පිණිසයි.