(ජේ.කේ.එල්. චාමින්ද)
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.
කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස්මත මෙම පියවර ගත් බවද ඒ මහතා කීය.
ගල්බොක්ක නැගෙනහිර,ගල්බොක්ක බටහිර,අලුත්විදිය.කොට්ටගොඩ,කොහුන්ගමුව.හෙට්ටිවිදිය යන මෙකි ගම්මානවලින් කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු පෙරේදා (09) වාර්තා වී තිබු අතර ඊට දිනකිහිපයකට පමණ පෙර දෙදෙනෙකු වාර්තා වී තිබුණි. මේ හේතුවෙන් ගම්මාන 06 සදහා දැඩි සංචරණ සීමා පැනවීම සුදුසු බවට සෞඛ්‍ය අංශ මගින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට නිර්දේශ කළ බවද හෙතෙම කීය.ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ සිට මෙකි ගම්මාන සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුකාරතුමා පොලිසියට නියෝග කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
"මේ ග්‍රාම නිලධාරිවසම් 06ට අයත් වන්නේ කුඩා කොටසක්. මේ ගම්මාන 6 එක ළග තියෙන පොඩි රවුමක් වගේ. පවතින තත්වය ගැන ආණ්ඩුකාරතුමාට වාර්තාකළාට පසු එතුමාගේ නියෝග පරිදි මෙම ගම්මානවල ජනතාවට පිටතට යාමටත් පිටතින් එන අයට ගම්මානවලට එමට නොහැකි පරිදි පොලිසිය මගින් දැඩි සංචරණ සිමා පැනවිමට කටයුතු කලා. හුදකලාකිරීමක් නෙවෙයි වෙන්නේ. දැඩි සංචරණ සීමා පැනවීමක් තමයි කරන්නේ. පී.සී.ආර් පරීක්ෂණ 300ක් කළා ඉන් පුද්ගලයින් 18 දෙනෙකු තමයි ආසාදනය වෙලා තිබුණේ. පී.සී.ආර් පරීක්ෂණ 20ක පමණ ප්‍රථිපල එන්න තියෙනවා මෙකී ප්‍රදේශවල පිහිටි පාසල් ද වසා දැමීමට තීරණය කරලා තියෙනවා" යැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 December 2020 04:33 AM
ඊයේත් මා දන්නා කිහිප දෙනෙකු මේ ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වුණා.ඒ මිනිසුන් ගියේත් නොගිහින් බැරිකමට. ඇයි දෙවියනේ .. ! මේවා පවත්වන්න ඉඩදී ඒ මිනිසුන් රෝගය බෝකරගත්තාම මේ ගම් බිම් හුදකලා කරන්නේ. ඇයි මේ නීති, ලෙඩේ බෝකරගන්නකන් ඉඳලා දාන්නේ.මේ පාලන අංශවල බුද්ධිය තියෙන්නේ ශරීරයේ අපර කෙළවරේ කියලයි අපට සිතන්නට වෙන්නේ.
Anil hewawasam Friday, 11 December 2020 12:58 AM
ගල්බොක්ක, අලුත්වීදිය, කොහුනුගමුව කියන්නේ මුස්ලිම් මිනිසුන් වැඩිපුර සිටින ජනපද... මෙහි රෝග ව්‍යාපිතිය වැඩියි. එයාලා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදින්නේ ඉතාම අඩුවෙන්....