(ඉන්දිකා රාමනායක)
පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා , පවත්වන සාද සංවිධානය කරන්නන් සහ ඒ සදහා සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
මෙම දිනය සැමරීම ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා විවිධ සාද සංවිධානය කරන බවටත්, ඒ සදහා විවිධ කණ්ඩායම් ඒකරාශි වී සිටින බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා නොගන්නා කිසිදු සාදයකට, සම්භාෂණයකට අවසර නොමැති බවද හෙතෙම කීය.
මේ දිනවල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැවැත්වෙන කාල වකවානුවක් බවත් , මෙම සාද හරහා තවත් ආශ්‍රිතයන් බෝවීම වළක්වා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මෙවැනි නීතිවිරෝධී සාද සදහා සිය හෝටල්, නිවාස, ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ප්‍රාදේශිය පොලිස් ස්ථාන හා බුද්ධි අංශ යෙදා විමර්ශන සිදුකරන බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර නොමැතිව පැවැත්වෙන මෙවැනි සාද සදහා සහභාගි නොවන ලෙසත්, එවැනි සාද සදහා දැන දැනම සහභාගි වී නඩුවක වින්දිතයකු නොවන ලෙසටත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැලන්ටයින් සාදවලට පොලිසියෙන් රතු එළියක්
සිරා Tuesday, 09 February 2021 07:10 AM
ලංකාවේ පෞද්ගලික රූපවාහිනී වලටත් ඔය නීතිය අකුරටම කළොත් හොඳයි...
Ruhunu Tuesday, 09 February 2021 07:15 AM
වැරැදි කෙරුවාට පස්සේ අල්ලනවාට වඩා වැරැදි කරන්න ඉස්සෙල්ලා දැනුවත් කරන එක බොහෝම හොඳයි.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 07:39 AM
"වැලන්ටයින් ප්‍රේමෙට මේ කිමද වුනේ... ප්‍රේමෙන් මුසපත්ව හදවත් කරයි සෙනේ.. වෙනදා තිබූ නිදහස අද කොහිද අනේ... මීටරෙ පරතරෙන් ආලය අපි කරමු පනේ... "
puppa Wednesday, 10 February 2021 01:26 AM
පොහොට්ටුවේ නම් බයවෙන්න එපා.. සාදය ජයටම කරන්න. පොලිසිය පළාතේ එන්නේ නැහැ.
suyuri Wednesday, 10 February 2021 02:58 AM
බොහෝම හොඳයි... වැඩේ හරි.