IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වලපනේ - පදියපැලැල්ල මාර්ගය සවස 6 ට වසා දමයි

(රංජිත් රාජපක්ෂ)         

             
පවතින කාලගුණ අවදානම සමග නුවරඑලිය වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් අද (02) දින පස්වරු 6 සිට තාවකාලිකව වසා දැමිමට තිරණය කළ බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.


නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි මෙම තිරණය ගත් බව පැවසු රංජිත් අලහකොන් මහතා වැඩි දුරටත්  අදහස් දක්වමින්  මෙසේ කියා සිටියේය.

'පවතින අවදානම් තත්ත්වයත් සමග දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් හවස 6ට වසා දැමිමට අපි තිරණය කරලා තියෙනවා.වලපනේ පොලිසිය , වලපනේ ප්‍රාදේශිය ලේකම්වරයාත් , මාර්ග සංවර්ධන අධිකාරියේ පදියපැලැල්ල විධායක ඉංජිනේරුවරයා සමග සාකච්ඡා කරලා (02) දින ප.ව 6 සිට (03) පෙ.ව 6 දක්වා මාර්ගය වසා දමනවා. එ කාලයේදි එම මාර්ගයෙන් ගමන් ගන්නා වාහන මතුරට මාර්ගය , වලපනේ ප්‍රදේශයෙන් කිර්තිබණ්ඩාරපුර හරහා රජ මාවත භාවිතා කිරිමට හැකියි.මලපට්ටාව ප්‍රදේශයෙන් නාය යාමේ අවධානම සක්‍රිය වෙල තියෙනවා.

පවතින අවධානම් තත්ත්වය හේතුවෙන් මෙම මාර්ගය භාවිතා නොකරන ලෙසට ප්‍රදේශවාසින්ගෙන් දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාද ජවතාවගෙන් ඉල්ලා සිටිනවා.නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම පොලිස් ස්ථාන සහ ත්‍රිවිධ හමුදාව මේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා.ඉදිරියේදි ඇතිවන ඕනැම තත්ත්වයකට මුහුණ දිමට අපි සුදානම් වෙලා ඉන්නවා.අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව දැනුවත් කරලා තියෙනවා මේ වන විට.මාර්ග සංවර්ධන අධිකාරිය සහ පලාත් පාලන ආයතන මාර්ග අවහිර වුවහොත් එවා යථා තත්ත්වයට පත් කිරිමට සුදානම් වෙලා ඉන්නවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථාන වල වර්ෂාපතනය පවතිනවා. මේ වන විට ආපදා තත්ත්වයන් වාර්තා වෙලා නෑ .දිස්ත්‍රික් ආපද කලමණාකර ඒකකය පැය 24 පුරාවටම ක්‍රියාත්මකයි. යම් කිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් 0773957879 දුරකථන අංකයෙන් දැනුම් දිමට හැකියි.' යනුවෙන් පැවසිය.



අදහස් (0)

වලපනේ - පදියපැලැල්ල මාර්ගය සවස 6 ට වසා දමයි

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 254 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1578 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 655 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 363 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3048 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2213 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 314 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site