(ටෝනි කරුණානායක)
සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන ගනේමුල්ලේ සංජිව නැමැති හෙරොයින් ජාවාරම් කරුගේ ප්‍රධාන ගෝලයෙක් වන වෑලියේ සුරාජ් ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 14 දක්වා රඳවා තබාගෙන විමර්ශනය කිරීම සදහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද (09) මිනුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය .
එස්.ටී එෆ්. නිලධාරීන් කණ්ඩායමක් විසින් 08 වෙනිදා මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි සැකකරුවන් දෙදෙනා ව කඩු 03ක්,බලපත්‍රයක් නොමැති වායු රයිෆල් එකක්,හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 360ක් සහ නවින පන්නයේ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබුණි .
මිනුවන්ගොඩ වෑලියේ පදිංචි 24 හැවිරිදි ගල්කැටි දේවගේ සුරාජ් රණවක හෙවත් වෑලියේ සුරාජ් නැමැති ආරූඪ නමින් හදුන්වනු ලබන සැකකරුව සහ පත්තඩුවන වැල්ලේගොඩැල්ලේ පදිංචි දිනුස පරාක්‍රම බංඩාර යන සැකකරුවන් දෙදෙනා ව අධිකරණය ට ඉදිරිපත් කර මෙසේ රැදවුම් නියෝග ලබා ගෙන තිබේ .
සැකකරුවන් දෙදෙනා හෙරොයින් ජාවාරම් කිරිමේ නිරත වෙමින් සිටියේද යන්නත් වෙනත් අපරාධවලට සම්බන්ධ වී ඇත්දැයි යන්නත් සම්බන්ධයෙන් ගම්පහ කොට්ටාශය බාර ජේ.පො අ .ඉන්දික ද සිල්වා මහතා ගේ අධික්සනය මත ගම්පහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතා ගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරික්සක රොහාන් මහේස් මහතා ඇතුළු නිලධාරින් කන්ඩායමක් ව්සින් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පවසමින් කල ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් දෙදෙනාව මෙසේ රදවා තබාගෙන විමර්ශනය කිරීම සදහා ම්නුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය .
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෑලියේ සුරාජ් ඇතුළු 14 රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර