IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


විලියම් ඇන්ග්ලිස් අටවැනි වරටත් උපාධි පිරිනමයි

SLIIT විශ්ව විද්‍යාලයේ පිහිටි William Angliss Institute හි 8 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම්හිදී අභිමානවත් ලෙස පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙක්, ශ්‍රී ලංකාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, සංචාරක හා සූපවේද ක්ෂේත්‍රයේ ආරාධිත අමුත්තෝ සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝද  මෙම අවස්ථාවට සහභාගී වූහ. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී  නිකොලස් හන්ට් මහතා පිළිගැනීමේ කථාව පැවැත්වීය.

සියලුම උපාධිධාරී සිසුන් විලියම් ඇන්ග්ලිස් ආයතනයෙන් ආගන්තුක සත්කාර, වාණිජමය සුපවේදය සහ උත්සව කළමනාකරණය යන විෂය ධාරා සඳහා ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලබා ඇත. උපාධි ප්‍රදානෝත්සවයේ සැසි දෙකක් පැවැත්විණි. සභාපති එරල් වීරසිංහ මහතා උපාධි ප්‍රදානය කළ අතර සෑම කණ්ඩායමකින්ම විශිෂ්ටම සිසුවාට ත්‍යාග හා පලිහ ප්‍රදානය කරන ලදී. අධ්‍යයන කටයුතුවලින් දස්කම් දැක්වූ සිසුන් කිහිප දෙනකුටද පදක්කම් සහ කුසලාන ප්‍රදානය කෙරිණි.

උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධිත කථිකයන් වූයේ රොයිස්ටන් ක්වින් සහ ඩයරා වික්‍රමසිංහ යන ආදි සිසුන් දෙදෙනාය. රොයිස්ටන් සහ ඩයරා යන දෙදෙනාම විලියම් ඇන්ග්ලිස් ආයතනය කළ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් දුන් අතර ඔවුන් දැනටමත් කර්මාන්තයේ ඉටු කර ඇති දේ පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළහ. උපාධිධාරීන්ට ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය වෙත යාමට උපදෙස් දීම සඳහා නෝරා ඉමේලි අභිප්‍රේරණ දේශනයක් පැවැත්වීය.

595



අදහස් (0)

විලියම් ඇන්ග්ලිස් අටවැනි වරටත් උපාධි පිරිනමයි

ඔබේ අදහස් එවන්න

දියත

උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 344 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 නොවැම්බර් මස 22 163 0

කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 22 400 0

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල


කාලගුණයෙන් දැනුම් දිමක්
2024 නොවැම්බර් මස 22 1149 0

නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 1836 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 3565 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 466 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 695 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1969 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site