IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


වැව් 13ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇ‍රඹේ

(ඩයනා උදයංගනී)

කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් 13ක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ‘වාරි සෞභාග්‍යා’ වැඩපිළිවෙල යටතේ ආරම්භ කර ඇත.

අනුරාධපුරය සහ කුරුණෑගල අතර පිහිටි ගල්කුලම වැව, තිරප්පනේ වැව, උලන්කුලම වැව, මලව වැව, තිබ්බටු වැව, සලු අපුල්ලන වැව, ඉබ්බන්කටුව වැව, කුඩා වැව, ගලපිට වැව, පුවක්පිටිය වැව, කලහකලේ වැව, පාලම්මුල්ල වැව සහ කලගස් වැව යන වැව් මේ යටතේ ප්‍රතිසංස්කරණය කෙරේ.

ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් කෝටි 81 කි.

මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එම කටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක ඉකුත් දා නිරත විය.

එම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු මාස දෙකක් පමණ ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි වැව්වල වැවී ඇති අනවශ්‍ය ජලජ ශාක ඉවත් කිරීම, වැව් අවට ඇවිදින මංතීරු ඉදිකිරීම, සූර්ය විදුලිපහන් භාවිතයෙන් ආලෝකමත් කිරීම, විවේක ගත හැකි හා ව්‍යායාම කිරීමේ ස්ථාන ඇතිකිරීම, ළමා උයන්, රථගාල් හා සනීපාරක්‍ෂක පහසුකම් ඉදිකිරීම ඇතුළු කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව වැව් අවට කෘෂි නිෂ්පාදන, අත්කම් භාණ්ඩ අලෙවිසැල් ද මේ අවට ඉදිකෙරෙන බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.



අදහස් (2)

වැව් 13ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇ‍රඹේ

දිසා....ගම්පහ Thursday, 05 August 2021 05:09 PM

බොහොම හොඳ කටයුත්තක්. ගම්පහ දිස්ත්‍රික්කයේත් අභාවයට ගිය වැව් විල් 103ක් හඳුනාගෙන ඇත. මේවාද සංවර්ධනය කරමු....

:       0       0

sharm warn Friday, 06 August 2021 02:13 PM

ඒ බිස්නස් එකත් චීනෙටම දුන්නද දන්නේ නැහැ. බොඩ්ඩක් බලන්න. ඔය පැත්තේ වැව්වල නිධාන තියෙනවා කියලා ජනකතාවල තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 230 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 496 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1190 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1714 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 426 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 355 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site