IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ?

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

යෝජනාව සම්මතවී තනතුරින් ඉවත් කිරීමට පෙර මෙසේ ඉවත්වීමෙන් යම් ගෞරවනීය තත්වයක් ඇතිකර ගත හැකි බව ඔහුගේ හිතවතුන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ අතර අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුව දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව මන්ත්‍රීවර‍ෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක සඳහන් නොකළ යුතු යැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන හෙයින් යෝජනාව විවාදයට ගැනීමට නීතිමය බාධාවක් මතුවන බව නීති විශාරදයෝ පවසති.

විනිශ්චයට භාජනය වී තිබෙන කාරණයට එරෙහිව නීති කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයකුට සිය ආසනයෙහි අසුන් ගන්නා ලෙස නියෝග කිරීමට කතානායකවරයාට හෝ මූලාසනාරූඩ මන්ත්‍රීවරයාට හැකියාව පවතින බවද එම ස්ථාවර නියෝගවල දැක්වේ.

කෙසේ වෙතත් එවැනි අගතියක් ඇති නොවන බව කතානායකවරයාගේ මතය වන්නේ නම් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහුට ඉඩකඩ ඇති බවද එම නියෝගවල සඳහන්වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් පහ කිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.

ස්ථාවර නියෝග අනුව කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින් සම්මත කළ යුතුව ඇත.

 



අදහස් (3)

විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ?

බකල ජයා Monday, 31 March 2025 01:46 PM

වැදගත් පොලිසියක් හදන්න පටන් ගන්න හොරා පොලිස් උන්ට පාචනය හැදෙන සුළු දඬුවමක් දීම මම යෝජනා කර ස්ථිර කරමි.

:       6       28

ගුණරත්න Monday, 31 March 2025 03:47 PM

රටේ තියෙන ලොකුම ප්‍රස්නය දේසබන්දු!

:       27       5

Perera Tuesday, 01 April 2025 05:17 AM

අධිකරණයෙන් වරදකරුවෙකු ලෙස තීන්දු ලැබුණු පුද්ගලයෙකු වන දේශබන්දු පොලිස්පති තනතුරට පත් කිරීම සුදුසු නොවීම මත පාර්ලිමේන්තු යෝජනාවක් මත ඔහුව නෙරපීමට හැකියාවක් තිබේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 145 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 27 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 475 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 263 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1278 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 1102 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site