IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වවිනියාවේ ගමකට සංචරණ සීමා

(රොමේෂ් මධුෂංක)

                   

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පට්ටානිචූර්එහි පදිංචි 24 හැවිරිදි අදාල සරසවි සිසුවා කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයට ගිය අවස්ථාවේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණයකදී කොවීඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කොට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ගෙන් සිසුවාගේ 28 හැවිරිදි වැඩිමල් සහෝදරියටද කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් අදාල සිසුවා පදිංචි වව්නියාව පට්ටානිචූර් පළමු  වන පටුමග ඇතුලු දෙවන,තුන්වන, සව්වන ,පස්වන සහ හයවන පටුමග යන මාර්ගයන්ට සංචරණ සීමා පනවා ඇති අතරම අදාල ප්‍රදේශයන්හි වැසියන් සංචරනය කරන ලද පට්ටෙයිකාඩු, වේප්පම්කුලම් ප්‍රදේශයන්හි වැසියන් දහසකට අධික පිරිසක් ඔවුගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර අදාල සිසුවා සහ පවුලේ ඥාතීන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇති අතර කොවීඩ් වෛරසය ආසාදනය වූ අයුරු සෙවීමටද පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

වවිනියාවේ ගමකට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

දියත

රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 10 0



ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 186 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 74 0



හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 95 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site