IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැවිලි පෝර මිල ඇඟට දැනෙන ගානකින් අඩු කරයි

(අංජුල මහික වීරරත්න)

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිත කරන පොහොර වර්ග පහක මිල අද (17) සිට රුපියල් 1500 - 2000 අතර  මිල ගණන් වලින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය  තීරණය කළේය.

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග වලට යොදන පොහොර මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමට දුන්  උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 9000ක් ලෙස පැවති APM පොහොර කිලෝ පනහක බෑගය රුපියල් 7200 දක්වා ද, රුපියල් 8000ක් වූ YPM පොහොර කිලෝ 50ක බෑගය රුපියල් 6200 දක්වාද ,රුපියල් 9750 කට අලෙවි කෙරුණු කුරුඳු යූරියා කිලෝ පනහක බෑගය රුපියල් 7950 දක්වා ද අඩු කෙරෙනු ඇත. එමෙන්ම රුපියල් 8000කට අලෙවි කෙරුණු කුරුඳු (SA) කිලෝ 50 බෑගය රුපියල් 6200 කට සහ රුපියල් 11000 කට අලෙවි  වූ TDM පොහොර කිලෝ 50ක බෑගය රුපියල් 9200 ක් දක්වා අඩු කෙරෙන බව රාජ්‍ය පොහොර  සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

මීට අමතරව  රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙට්‍රික් ටොන් 1ක් රුපියල් 5000කින් අඩු කිරීමට ද තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහල නැංවීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

පොහොර මිල අඩු කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ  පැවති සාකච්ඡාවට  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල් අබේරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

 

 



අදහස් (0)

වැවිලි පෝර මිල ඇඟට දැනෙන ගානකින් අඩු කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2784 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2008 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2881 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2892 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1300 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site