IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’

(යොහාන් භාසුර)

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.

ගොවීන් වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර මිලක් ඉල්ලා සිටි බවත් වර්තමාන ආණ්ඩුව පත්වීම් ලැබූ පළමු අස්වැන්න වීම නිසා මෙම අවස්ථාවේදී ආණ්ඩුව නියම කළ මිල අනුව කටයුතු කරන බවත් ඒ මහතා කීය.

වී පිළිබඳව මිල නියම කරන කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු සෙසු ආයතනවල නිලධාරීන්ට මිල සකස්කිරීම සම්බන්ධයෙන් අවබෝදයක් ගැනීම සඳහා කුඹුරට පැමිණෙන ලෙස ආරාධනා කරන බව කී පුංචිරාළ රත්නායක මහතා එසේ නොවුණ හොත් ලබන අස්වැන්නට ද ආණ්ඩුව මෙවැනිම මිලක් නියම කරනු ඇති බව ද සඳහන් කළේය.

වී මිල ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ගොවි සංවිධානවලට තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බවත් වර්තමාන ආණ්ඩුව ගොවිජනතාව පත්කළ ආණ්ඩුවක් වීම නිසා එවැනි ප්‍රකාශවලින් වැළකී සිටින ලෙස ඇමතිවරයාට මතක් කරන බවත් රත්නායක මහතා කීය.

ගොවි සංවිධාන සහ දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන්නේ යැයි අමාත්‍යවරයා පැවසූ බව කී රත්නායක මහතා ගොවි සංවිධානය 19,000 කට අධික සංඛ්‍යාවක් රට තුළ ඇති අතර එම සංවිධාන ලියාපදිංචි සංවිධාන බව අමාත්‍යවරයාට මතක්කරන බව ද කීය.

වර්තමාන ආණ්ඩුව පත්කිරීමට ගොවීන් ලක්‍ෂ ගණනක් ඡන්දය දුන් බව ද අමාත්‍යවරයා එවැනි ප්‍රකාශ කිරීමට පෙර එය මතකයේ බාගත යුතු බව ද ඒ මහතා කීය.



අදහස් (6)

’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’

කසුන් මාවලගේ Wednesday, 05 February 2025 05:37 PM

රට ගැන හිතා ලාල්කාන්තට සමාව දෙන්න. ඒක මේ ආණ්ඩුව පරද්දන්න අවියක් කර ගන්න එපා. අපි මේ ආණ්ඩුව හදා ගත්තේ හරි අමාරුවෙන්.

:       34       55

seneThursday, 06 February 2025 11:33 AM

කසුන් ඔබේ අවංක උත්සාහය අගය කරමි බොරුවෙන් හදාගත්ත ,බලය ලබාගත් ආකාරය නිවැරදි ද ? ඔබම කල්පනා කර බලන්න .

:       8       5

මැක්ස් Wednesday, 05 February 2025 05:57 PM

පුංචිරාළ මහතා අවබෝධ කරගත යුතු කරුණ නම් දැන් රට කරන්නේ ජවිපෙය බවයි. එම නිසයි, කඹුරුපිටියේ දී මාලිමාවකු "මේක අපේ ආණ්ඩුව යකෝ" යනුවෙන් විරුද්ධවාදීන්ට තර්ජනය කරන්නට පෙළඹුනේ. ඇමැති ලාල් කාන්ත මහතා ජවිපෙකරුවකු වශයෙන් ගොවි මහතුන්ට එවැනි ප්‍රකාශ නොකළොත් තමයි පුදුමය. වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, ජනාධිපති අනුර දිසානායක, වසන්ත සමරසිංහ වැනි මාලිමාන්ඩුවේ සිටින සියලු ජවිපෙ වාදීන් හැසිරෙන උද්දච්ච විලාසය විසින් පෙන්නුම් කරන්නේ මහින්ද, රනිල් වැනි නායකයින් සමග ගනුදෙනු කළ අන්දමට මේ අය සමග ගණුදෙන කළ නොහැකි බවයි.

:       58       41

TironWednesday, 05 February 2025 07:28 PM

ඔයාගේ චූටි හිත ගොඩක් උදව් වෙලාද?

:       13       6

ගුණරත්න Wednesday, 05 February 2025 08:18 PM

වාහන මිල 600% වැඩිකළා... සේල් මාෆියාවට යට වෙලා, දැන් මෝල්ලුන්ගේ මාෆියාවට යට වෙලා වී මිල බස්සනවා මොල්ලුන්ට තුට්ටු දේකට වී ටික ඇදගන්න සලස්වන්න. දුප්පතාගේ ඡන්දයෙන් ඇවිත් දුප්පතාටම කෙලවපු ඉතිහාසේ ජරාම ආණ්ඩුවක් මේක.

:       57       23

randil dunuwilleThursday, 06 February 2025 10:04 AM

හොඳම ආණ්ඩු කීයක් අපිව කෑවද නැද්ද?

:       4       16

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 443 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 47 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 233 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1144 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 329 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 308 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 800 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site