(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ චමින්ද වැවතැන්න)
කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි දංඕවිට පොලිසිය කියයි .
මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර ගෙලිඔය පදිංචිව සිටි 60 හැවිරිදි ජමාල්දීන් මොහොමඩ් නසාර්, 64 හැවිරිදි මොහොමඩ් හෂිම් සිත්ති මිස්රියා සහ මාස 4 ක් වයසැති පිරිමි දරුවකු වන මොහොමඩ් රම්ලාම් මොහොමඩ් රිෂ්නාප් නැමැති තිදෙනාය.
තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.
වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගුරුවරියක ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ විද්‍යාලයක වසර 5 ක පමණ කාලයක සිට සේවය කරන බවත් ඇයට මාස හතරක පිරිමි දරුවෙක් සිටින බවත් පොලිසිය පැවසීය.
මාස හතරක කුඩා දරුවකු සිටින නිසා ගම්පොළ සහිරා විද්‍යාලයට මාරු වීමක් ලබා ගැනීමට මාස හතරක අත දරුවා අවුරුදු 5 ක පිරිමි දරුවා පවුලේ පිරිසක් සමග බත්තරමුල්ල ඉසුරුපායට ගොස්ස්ථාන මාරුව හදාගෙන ඇති ගුරුවරිය ඇතුළු පිරිස ආපසු සියලු දෙනා යලි මුරුතගහමුල නිවස දක්වා ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.
දංඕවිට පොලිස් වසමේ වේවැල්දෙනිය ප්‍රදේශයේ දී 12.30 ට පමණ මාර්ගය පිටත නතර කර තිබුණු ලොරි රථයක ත්‍රීරෝද රථය ගැටී හය දෙනාම තුවාල වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණු බවත් පොලිසිය පැවසීය.
වරකාපොළ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ගුරුවරියගේ ඇකයේ සිටි බිළිදා ඇතුළු තිදෙනෙක් මිය ගොස් සිටි බවත් සෙසු තිදෙනා හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණ.
ගුරුවරිය තුවාල ලබා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර 26 හැවිරිදි මොහොමඩ් ෂාරුක් සිත්ති පරීනා නැමැති කාන්තාව බරපතල තුවාල හෙතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වේවැල්දෙනියේ අනතුරකින් 3ක් මරුට
විපරමා Monday, 12 August 2024 03:47 PM
හැමදාම බැලුවොත් රිය අනතුරු. අඩුවක් නම් පේන්න නැහැ. මේවාට විසඳුම් ඇත්තේම නැද්ද?