IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209  දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන්  පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මින් තුන් කෝටියකට ආසන්න මුදලක් පසුගිය වර්ෂය වනවිටත් අයකරගෙන නොතිබූ බව  එම වාර්තාවේ දැක්වේ.

මීට අමතරව විදෙස්ගතව සිටින විශ්‍රාමිකයන් 118 දෙනෙකුට පසුගිය 2022 සහ 2023 වර්ෂ වලදී රුපියල් 33 ලක්ෂයකට වැඩි මුදලක් ආදේශීය ලේකම් කාර්යාල 14කින්  වැඩිපුර ගෙවා තිබූ  බව පවසන විගණන කාර්යාලය පසුගිය වසරේ අවසානය වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල එකොළහකින් විශ්‍රාමිකයන්  හැත්තෑ නව දෙනෙකුගෙන් රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක්  අය කර ගත යුතුව පැවතුණු බවත්  සඳහන්කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා

???????????? Wednesday, 28 August 2024 03:20 AM

2019 විශ්‍රාම වැටුප් සංශෝධනය කරන අවස්ථාවේ මම දන්නා විශ්‍රාමික ගුරුවරියක් විශ්‍රාම ලබද්දී එක් වැටුප් වර්ධකයක් අඩු වැටුපක් ලැබුවා තවත් කෙනෙක් එකක් වැඩියෙන් ලැබුවා.. ඒත් ඉහත සංශෝධනය මගින් අඩු වැටුප් ලැබූ කෙනාට රුපියල් හයදහස් ගණනක් වැඩියෙන් සකසා වැඩියෙන් ලැබූ කෙනාට අඩුවෙන් සැකසීම කළා... විමසීමක් කළාම සේවයේ සිටියදී වැඩියෙන් ලැබූ කෙනාට උසස්වීමක් ලැබීම වෙනුවෙන් ලැබී තිබූ වැටුප් වර්ධකය කපාහැර වැටුප් අඩුකර නියමාකාරයෙන් ගෙවාතිබූ වැටුපෙන් අයකිරීමට එහි අභ්‍යන්තර විගණන අංශය කටයුතු කළා... කොහොම වුණත් 2019 විශ්‍රාම වැටුප් සංශෝධනය පරිගණක වැඩ සටහනක් මගින් කිරීම හා එහි සමහර වගන්ති විකෘති වීම මෙයට හේතුවක් වුණා කියන්න පුළුවන්... අන්තිමට කෙනෙකුට වැඩියෙන් වැටුප් සැකසීම කළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරි වැරැදි වැටුප් ලැබූ ගුරුවරියට කියලා තියෙනවා. අහවලාගේ ඉල්ලීම මත මිස්ගේ වැටුප් අඩුකරන්න වෙනවා කියලා දැන් යාලුවෝ දෙන්නා නයි මුගටි වගේ විරසකව ඉන්නේ... ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින්ගේ ඔලමොට්ටල ක්‍රියාවන් නිසා තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2131 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2211 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2770 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5799 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1897 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6541 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18465 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site