(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව විශ්‍රාමිකයන්ට ගෙවීමට බලාපොරොත්තු රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාවද සමඟ දෙකම එකට ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට අද (9) දැනුම්දී ඇත.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.
ලේකම්වරයා ඒ ආකාරයට කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක් බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මේ අතර රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගැනීමේ සිද්ධීන් පිළිබඳව රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම පිළිබඳ පැමිණිලි සිය ගණනක් කොමිෂන් සභාවට දැනටමත් ලැබී ඇති බවත් එවැනි ක්‍රියා සිදුවන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීමේ සිද්ධීන් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවන හෙයින් අායතනවලට හදිසියේම කඩා පැන ඒවා සෙවීමට මෙසේ වෙනම කණ්ඩායම් පත්කළ බව පැවසූ සභාපතිවරයා රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් නැවත වරක් ඉල්ලීමක් කළේය.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න
පොල්වත්ත Saturday, 10 August 2024 12:22 PM
බලාපොරොත්තුව අත් හැර ගනිල්ලා මොකද මැතිවරණය අවසන් වෙලා ඕවා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරණය දින නියම කරන්න පෙර චක්‍රලේඛය නිකුත්කිරීමට කටයුතු කළානම් ලැබෙන්න තිබුණා විශ්‍රාමිකයින්ම විශ්‍රාමිකයින්ට කෙලිනකොට තමයි ඉවසන්න බැරි...!
NamaliSaturday, 10 August 2024 03:29 PM
මේකට විරුද්ධව පැමිණිලි කරන්න ඇත්තේ මාලිමා කාරයෝ වෙන්න ඇති තවමත් ගුරුවරු වර්ජනය කරනවා නම් මාලිමා අනුහස නිසා තමයි... එනිසා විශ්‍රාමිකයින් මැතිවරණ අවස්ථාවේ ලැබෙන්නට තිබුණු මුදල් ලැබීමට බාධා සිදුකළ මාලිමාව ජයග්‍රහණය කරනවාද කියලා තීරණය කළොත් හොඳයි ඔවුන් හා සජබ හැර වෙන කිසිවෙක් විශ්‍රාම වැටුප් නොදෙන්න කියලා ඉල්ලීම කරන්නේ නැහැ...!
.කූමූදිනි Saturday, 10 August 2024 12:49 PM
වඩාත් හොඳයි..!