IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


විශ්‍රාමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට යෝජනාවක්

(අංජුල මහික වීරරත්න)

ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සකසන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී අද (7)පැවැත්වුණ අතර මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. 

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී  අවධානය යොමු වූ අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මීට අමතරව කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව කරුණු පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ ජනාධිපතිවරයා, රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කළ අතර වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළේය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව  ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (10)

විශ්‍රාමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට යෝජනාවක්

Kazi Shajahan Tuesday, 07 January 2025 08:44 PM

අපි පොඩි ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන ජීවත්වන මිනිසුන්, ඒකෙන් 10% කපාගන්නේ නැතුව තියන්න , මමත් NPP එකට වෝට් කල කෙනෙක්, මම කවදාවත් හිතුවේ නෑ NPP ආණ්ඩුවකින් පොඩි අපි වගේ අයගෙන් බදු ගහයි කියලා. දැන් බලන කොට රනිල් ශෝක් නේ

:       1       16

පියල් විරසිංහ Wednesday, 08 January 2025 05:28 PM

ඕක තමයි මටත් කියන්න තියෙන්නේ. මදපෙරදිග කඹුරලා, කඹුරලා සුළු ගානක් තන්පතු කළා.. ඒකෙනුත් 10%ක් නෙමෙයි.. මේ 5% අපෙන් නවත්වන්නයි තියෙන්නේ.

:       1       9

B D S Wijewardana Thursday, 09 January 2025 06:38 AM

මටත් කියන්න තියෙන්නේ මමත් අනුන්ට මූන්ට චන්දය දූන්නා ඌරන් රට නැව් මෙ සැරෙ එන්පිපි එකට දූන්නා උන් රට කෑවා මුන් අපිව කනවා වාගේ

:       0       4

මම ලංගම අවු 30 වැකරල ගත්ත fd එකෙන් සථිර තැන්පතු පොලියෙන් ජිවත්වෙන අයෙක් npp රජයෙ වුර්තිය සමිති සාමාජික යෙක් සුඑි මුදලක් ලබා ගන්නා අය තවත් අපහසු තාපයට පත් නොකරන්න ලංගම නිදහස් ගමන් බලපත්රය ⁣ඉක්මනින් ලබා Thursday, 09 January 2025 06:47 AM

මේ වා කාලයක් තිස්සේ දැවෙන ප්‍රශ්න වලට ⁣ඉක්මන් විසඳුම් ලබා දෙන්න නැතිනම් ජනතා අප්‍රසාදයට ලක්වෙනවා ජනතා ප්‍රශ්න වලට කල් මරන්න එපා

:       0       2

TharuThursday, 09 January 2025 02:53 PM

කියලා වැඩක් නැ අපි තවත් ඇප් එකකට වෝට් කරන්නේ නෑ

:       0       1

Nissanka Iddagoda Thursday, 09 January 2025 09:59 AM

විශ්‍රාම වැටුප හෝ වෙනත් කිසිදු ආදායම්ක් නොලබන පෞද්ගලික අංශයේ හෝ කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කාලයක් තම රට වෙනුවෙන් සේවය කර කුඩා ස්ථිර තැන්පතු මගින් තම පවුල නඩත්තු කරන, වෛද්‍ය ප්‍රතිකාර සදහා වැය කරන, තම ළමුන්ගේ පාසල් හෝ උසස් අධ්‍යාපනය සදහා කැප කිරීම් කළ යුතු වයෝවෘද්ධ පිරිස් වාර්තා සදහා බැංකුවටත් තවත් කිහිප වරක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් යවා තව දුරටත් අපහසුතාවයට පත් කළ යුතු නොවේ.

:       0       5

K.G. sonnadara Thursday, 09 January 2025 12:58 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථීර තැන්පතු අගය වැඩිකරන්න දත්ත පද්ධති නැද්ද? ඇයි බැංකු පොලියෙන් තමයි එව්වාත් දෙන්නේ.. කිව්වොත් බෙහෙත් නෑ...

:       0       4

ජී.ඩී.අමරසේන Thursday, 09 January 2025 02:39 PM

විශ්‍රාමික/ජ්‍යේෂ්ඨ පුරවැසියන් විවිධ අසනීප වලින් පෙලෙන අතර ලැබෙන සීමිත ආදායමින් ඖෂධ ප්‍රතිකාර, ලමයින්ගේ අධ්‍යාපන කටයුතු, ආහාරපාන අත්‍යවශ්‍ය ගමන් බිමන්, විවිධ බැදීම් සදහා වියදම්, බැංකු ණය හා පොලී ආදී වියදම්ද සදහා විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙති. ඒ අතර විවිධ ඉල්ලුම්පත් හා ප්‍රකාශ පුරවමින් බැංකු දේශීය ආදායම් දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන වලට යාම්ඊම් හා කාලය ගත කිරීම ඉතා අපහසු කටයුත්තකි.

:       0       0

ප්‍රභාත් Saturday, 11 January 2025 08:09 AM

මෙච්චර කාලයක් අපේ දෙමාපියෝ අපිට කරදරයක් නැතිව ජීවත්වුනේ එයාලාගේ ස්ථිර තැන්පතුවලින්. එයාලාගේ බේත් ටික ගන්නවත් දැන් බැහැ. රජයට බලපෑම් කිරීමට නොහැකි පිරිසක් නිසාද මේ විදිහට ඔවුන්ට සලකන්නේ. මෙහි විපාක ආණ්ඩුව නුදුරේදීම ලබාගන්නවා නිසැකයි.

:       0       0

ස්වර්ණශිකා තිලකරත්න Saturday, 11 January 2025 11:32 AM

අර්ධ රාජ්‍ය ආයතනයක වසර 32ක් සේවය අපහට විශ්‍රාම වැටුප් නැහැ . fd පොලියෙන් ජිවිත් වන්නේ . මෙහෙම පිරිසක් ඉන්න බව ජනපති හිතලා අපේ පොලිය වැඩි කරන්න කටයුතු කරන්න ඔනි . තවත් කපන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 65 0

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්
2025 අප්‍රේල් මස 30 78 1

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට


පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි
2025 අප්‍රේල් මස 30 215 1

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා


හිටපු පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිණිඅවියක් සොයාගනියි
2025 අප්‍රේල් මස 30 724 1

වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි


ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
2025 අප්‍රේල් මස 30 727 1

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 199 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 57 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1086 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site