IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය අත්හරිති

(ඩයනා උදයංගනී)

රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඒ අනුව එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කරන බව එම සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉකුත් මාර්තු  9 වැනිදාය.



අදහස් (14)

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය අත්හරිති

මහසෙන් Wednesday, 12 April 2023 12:10 PM

දැන් එතකොට ඉල්ලපු ඉල්ලීම් ඉටු වුණාද? නැත්නම් මොකක්ද වුනේ...?

:       5       34

යෝගා Wednesday, 12 April 2023 12:24 PM

ගුටිකෑමට නියමිතව තිබියදී අවසන් මොහොතේදී හරි වර්ජනය අත්හැරීමෙන් ජාම බේරාගත්තා කියලා හිතාගන්න...

:       23       39

Prabath Wednesday, 12 April 2023 01:07 PM

ඉල්ලීම් ලැබුණේ නැතිනම් UGC චක්‍රෙල්ඛ 890 අනුව ක්‍රියාකරන්න.

:       7       14

කිරිපුතා Wednesday, 12 April 2023 01:18 PM

ළමයින්ගේ මුලු අනාගතයම ඇපයට තියාගෙන සල්ලි ඉල්ලන තවත් පාතාලයක් තමයි මේ...

:       20       41

සත්‍ය ගවේෂී.Wednesday, 12 April 2023 02:02 PM

වැස්සකටවත් ඉස්කෝලයකට ගොඩවී නැතැයි කිවහැකි පොහොට්ටු නායකයින්ගේ වැසිකිළි හෝදන නූගතුන් උගත්, බුද්ධිමත් අයගේ වටිනාකම කෙසේ දනිත්ද? ඔය ලිව්වේ දන්නා දේ තමයි. අපි ඕවාට කිපෙන්නේ නැහැ. තරුණයින් කියන භාෂාවෙන් කියතොත්, නයි කයිද රෝස් පාන්.. කියමුකෝ...!

:       35       24

casmirWednesday, 12 April 2023 04:06 PM

ඔව් ඇත්තෙන්ම.. ඊනියා වෘත්තිකයින් සිතන්නේ තමන් එතරම් උගත් බවත් ඔවුන්ට සමාජයේ ප්‍රමුඛත්වය අවශ්‍ය බවත්ය. මේ ආකාරයේ තමන් ගැන සිතීම අමානුෂිකත්වයේ ලකුණකි. සමහර විට ඊනියා වෘත්තිකයින් හොඳින් උගත් නමුත් ඔවුන් මිනිසුන්ද, ඔවුන් ශිෂ්ඨ සම්පන්නද? උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට සහ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානම් සිසුන්ට ඔවුන් දැනටමත් දැවැන්ත හානියක් කර ඇත. මෙය උගත් මිනිසුන්ට නිගාවකි. ඔව්, ඔවුන් හොඳින් අධ්‍යාපනය ලැබුවද මනුෂ්‍යත්වයට පත්ව නැත. ලැජ්ජයි ඊනියා වෘත්තීය වේදීන් ගැන.. ලංකාවේ හැම දෙයක්ම විනාශ කරලා බලය ගන්න හදන අපිරිසිදු දේශපාලන පක්ෂය අපි දන්නවා. ඊනියා වෘත්තීය වේදීන්ගේ සිසුන් සියල්ලන්ම පාහේ විදේශයන්හි ඉගෙනුම ලබන හෝ ජාත්‍යන්තර පාසල්වලට යන බව අපි දනිමු, නමුත් අපේ දරුවන් ගැන කුමක් කිව හැකිද? අපි නොකළා වගේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය නවත්තන්නේ කොහෙද? සත්‍ය ගවේෂිට අනුව, අපි පාසල් නොගිය නමුත් ඔබට වඩා මනුෂ්‍යත්වය, ඔබට වඩා විනය, ඔබට වඩා සමාජය කෙරෙහි වගකීම අපට ඇත.

:       6       29

මොට්ටපාල Wednesday, 12 April 2023 06:27 PM

සත්‍ය ගවේෂී කියලා උතුමෙකුගේ අදහස දැක්කම සාමාන්‍ය පෙළවත් සමත්වෙන්න බැරිවූ මටත් කැස්මිර්ගේ අදහස ඉතාමත් නිවැරදියි කියන්න පුළුවන්... මට මතක් වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කළේ උන්වහන්සේගේ ශාසනයේත් මෙහෙම දෙපිරිසක් හිටියා කියලා... එකක් ධර්මධර පිරිස වෙද්දී අනෙක් පිරිස විනයධර පිරිස වුණා. කොහොම වුණත් දෙපිරිසම ධර්මය දන්නවා... ඉතින් සමාජයට වඩාත් වැදගත් වන්නේ විනයධර පිරිස කියලා තමයි මට නම් හිතන්නේ...

:       0       0

සත්‍ය ගවේෂී.Wednesday, 12 April 2023 07:29 PM

පොහොට්ටුවේ පැවැත්මට අභියෝග කෙරෙන අයට හා ඒ අයගේ අදහස් වලට එරෙහිව මුදලට ක්‍රියාකරන සංවිධානාත්මක කල්ලි යොදවා ඇති බව රටේ ජනතාව හා බුද්ධිමත් අය හොඳින් දනී.මොන මුහුණු පෙන්වාගෙන ආවත්,ඔවුන්ගේ හඬ රටේ ජනතාවගේ සැබෑ හඬ නොවන බව පැහැදිලිව ජනතාව අවබෝධ කරගත යුතුය. පොහොට්ටුවේ වැරදි වසා ගැනීමට කටයුතු කරන මේ අමන රැල ගැන දැඩි අවධානය යොමු විය යුතුයි.

:       0       0

මම උගතාThursday, 13 April 2023 02:11 AM

ඇයි? උගත් බුද්ධිමත් අය ලොකුද?

:       0       0

චන්දිම ෆොන්සේකාThursday, 13 April 2023 11:40 AM

මෙහෙමයි, පොඩ්ඩක් හිතන්න ඒ මිනිස්සු ඒ තැනට ආවේ බොහෝ දුක් මහන්සියෙන් මිසක් බොරු පොරොන්දු දීලා මිනිස්සු රවටලා ඡන්දෙ හිඟා කාලා නෙමෙයි. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන්නේ බොහෝවිට තමන්ගේ පඩිය විතරයි. එකෙනුත් හිටපු ගමන් ලක්ෂ ගණන් කපා ගත්තාම කොහොමද ජීවත් වෙන්නේ. මොකද මේ කාලකන්නි කලින් කියලා තිබ්බද ඒ මිනිස්සුන්ට සල්ලි ඉතුරු කරලා තියා ගන්න පඩි කපා ගත්තම ජීවත් වෙන්න? මේ මිනිස්සු එදත් බදු ගෙව්වා, හෙටත් ගෙවන්න සුදානම්... ඒත් ඒක සාධාරණ ප්‍රමාණයක් වෙන්න ඕනෑ නැද්ද? මේ රට විනාශ කලේ තක්කඩි දේශපාලුවන් මිස මේ මිනිස්සු නෙමෙයි නේද? රට විනාශ කරලා තවත් බලයේම රැඳිලා ඉන්න මේ මිනිස්සුන්ව කන්න හදන ඒක හරිද? ඔය දේශපාලුවන්ට ඔච්චර සල්ලි ඕනෑ නම් ඇයි ඔවුන් අර එකස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය නොගෙන කාලේ ගත වෙන්න හැරලා නිකම් ඉන්නේ? ඒ අයට අතයට පගාව ගහන්න නෙමෙයි... ඔවුන් විනාශ කරන රටට වන්දි ගෙවන්න වෙන්නේ මේ අහක ඉන්න පිරිසකට නේද?

:       0       0

Prase Thursday, 13 April 2023 05:29 PM

උගත් කමක් තිබ්බනම් පඩිය වැඩි කරේ නැත්නම් පේපර් බලන්නේ නෑ කියයිද? උගත්තු කියා ගත්තු හරක් ටිකක්.

:       0       0

අරුණ Wednesday, 12 April 2023 01:30 PM

ලොක්කෝ කීප දෙනෙකුට ලොකු තනතුරු දෙන්න පොරොන්දු වෙන්න ඇති. දැන් UGC එකේ ලොක්කා ගිය සැරේ FUTA සටන පාවා දුන්නා. ඒ නිසා ජපුර උපකුලපතිකම ලැබුණා. පස්සේ UGC සභාපති කමත් දුන්නා. අපි නොදන්න FUTA.

:       8       20

Prase Wednesday, 12 April 2023 02:05 PM

රනිල් වැඩ්ඩා... වඳුරො ටික බය වුණා ජොබ්එක නැතිවෙයි කියලා. හැමදාම සෙල්ලම් බෑ... කෝ ජෝෂප් ස්ටාර්ලින් ලොකු ටෝක් දුන්නා හැමදාම...

:       9       28

එස් සමරවික්‍රම Wednesday, 12 April 2023 03:09 PM

වර්ජනය අවසන් වුවත් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම තවමත් වර්ජනය කරන බව පවසමින් ඔවුන් ප්‍රකාශ නිකුත් කරන බව අද ප්‍රවෘත්ති විකාශනය මගින් පෙනී ගියා.. මෙයින් පැහැදිලි වන්නේ ආචාර්යවරුන් තවදුරටත් දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට කටයුතු කරන බව පවසමින් දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවයි. ඉදිරි විභාග ප්‍රශ්නපත්‍ර සැකසුම් කටයුතු සඳහා වගකිව යුතු පිරිසක් මෙම කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට රජය වහාම කටයුතු සම්පාදනය කළ යුතුයි...

:       5       26

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 297 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 243 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 711 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5287 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1962 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 766 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site