( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සදහා පැරණි සහ නව නිර්දේශ ලෙස කරන ලද වර්ගීකරණය මත සහ දිස්ත්‍රික් පංගු ක්‍රමය මත පදනම්ව විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමට බලධාරීන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන මාර්තු මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.
මෙම ක්‍රමවේදය නිසා වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂා කළ තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් 2019 වසරේ දී අ.පො.ස.උසස් පෙළ විභාගයට ජීව විද්‍යා විෂයන් සදහා පෙනී සිටි සිසුවියක් ගොනු කළ රිට් පෙත්සමක් සළකා බලමින් අධිකරණය මෙම නොතීසි නිකුත් කෙරිණි.
සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
ජීව විද්‍යා අංශයෙන් නව නිර්දේශය යටතේ අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.සනුමි තරින්දයා ද සිල්වා විසින් මෙම පෙත්සම් ගොනු කරඇත.
අධ්‍යාපන ඇමැතිවරයා, එම අමාත්‍යාංශ ලේකම්වරයා,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, එම සභාවේ සභාපතිවරයා, විභාග කොමසාරිස් ජනරාල්, සනත් පූජිත, නීතිපවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර ශිෂ්‍යාව වෙනුවෙන් නීතීඥවරුන් වන මිගාර ඩෝස්, සහ දිනේශ් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට නොතීසී