(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති තුනක් ඇතුළත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම දැනුම්දීම කළේය.
රටේ සියලුම ජනතාව මුහුණදී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත් පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලිෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති
Janaka Friday, 13 October 2023 09:10 PM
විශ්වවිද්‍යාල ටිකම අහෝසි කරලා දැම්මොත් නරකද?
Bamunuarachchi Friday, 13 October 2023 10:14 PM
මොන රටේද එහෙම කරන්නේ? ආදායම් ලැබුවා නම් බදු ගෙවපල්ලා...!
abaran Saturday, 14 October 2023 01:05 AM
අපේ රටේ පර්යේෂණ කරන වි වි ආචාර්යවරුන් ඉන්නේ ඉතාම අතලොස්සයි. අනිත් අය කරන්නේ අමු බොරුව. ඒ නිසා තමන් කළ පර්යේෂණය පිළිබඳව නිසි විමසීමක් කර අදාල දීමනාව ගෙවන්න. වෙනත් රටවල නම් මේවා බද්දට යටත්...!
සක්‍රයා Saturday, 14 October 2023 07:45 AM
පිං ජනාගේ ආර්‍යාව විශ්වවිද්‍යාලයේ හින්දා බද්දෙන් නිදහස් කරගනී. අපෙන් ඒවාටත් එක්කම කපාගනියි...
kasu Saturday, 14 October 2023 02:24 PM
මෝඩ කතා කියන්න එපා...
sajith Saturday, 14 October 2023 03:22 PM
ආචාර්ය වරුන්ගේ මේ පර්යේෂණ වලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වයත් මේ සමගම ඉදිරිපත් කළා නම් තමයි හොඳ...!
MO77 Sunday, 15 October 2023 07:41 AM
කියන්නේ වැටුපෙන් කොටසක් ලෝකයේ කිසිම රටක පරීක්ෂණ දීමනාවක් කියලා එකක් ගෙවන්නේ නෑ කියලා. පරීක්ෂණ සඳහා fund එකක් දෙනවා... ඒක වැටුපක් නෙමේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝ අධ ්‍යාපන අමාත්‍යාංශය මෙසේ පරීක්ෂණ දීමනාවක් ලබාගත් පරීක්ෂණ ලෝකයේ උසස් මට්ටමේ ජනෙල්වල පබ්ලිෂ් කරා ද කියලා බලන්නේ නෑ. පරීක්ෂණයක් වුණාම ඒ ප්‍රතිඵල උසස් ජර්නලයක පළකර සහතික කිරීමක් ලබා ගත යුතුයි. එසේ නොමැති නම් එය ගුණාත්මක පරීක්ෂණයක් නෙමෙයි.