IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විශේෂඥ වෛද්‍යවරු 120 ක් රටින් පැන යති

(කේ බුද්ධික කුමාරසිරි)

පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනකු ඇතුලුව   විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක  විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනකු පහුගිය වසර එකහාමාරක කාළය විශේෂඥ පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇතැයිද ඒ අතුරින් 11 දෙනකු මෙලෙස කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි ද ඒ මහතා පවසයි

මෙවැනි  විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලාභියකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්ව ලාභියකු සඳහා රුපියල් මිලියන අටක පමණ මුදලක් වැය වන බවත් පහුගිය වසර එකාහාමාර තුල විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනකු විදෙස් ගත කර ඇති බවද තවත් වෛද්‍යවරුන් 617 දෙනකු විදේශගතව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සදහා සූදානමින් සිටින බවද ඒ මහතා පවසයි.



අදහස් (8)

විශේෂඥ වෛද්‍යවරු 120 ක් රටින් පැන යති

Nimal Sunday, 13 August 2023 08:27 PM

ඉන්න හිතෙන රටක් හදපු කට්ටියගෙන් අහන්න.

:       0       4

ravin Sunday, 13 August 2023 10:18 PM

වෛද්‍යවරු පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නේ කොමිස් කාරයින්ගේ තත්වය බලලා බෙහෙත් දීලා තම වෘත්තීය සුදුසුකම් උකස් කරන්න නොවේ. ලෙඩෙක් මියගිය විට ප්‍රතිකාර කරපු වෛද්‍ය වරයා වගකිව යුතුය. කාලකණ්ණි කොමිස් කාරයින්ට ඇති වගකීම..?

:       0       6

MO77 Sunday, 13 August 2023 10:48 PM

ශ්‍රී ලංකා රජය හැසිරෙන්නේ නිකන් බබා හුකුන්ලා වගේ. රජයකට නීති ගෙනඒම හා අලුතින් නීති පැනවීම් කළහැකියි. ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරු හෝ අනිකුත් වෘත්තිකයා රට හැර යාමේ දී ඔවුන්ට රජයෙන් පොලිස් වාර්තා ඇතුළු නොයෙකුත් ලියකියවිලි ලබාගත යුතුයි. මෙසේ විදේශගත වන අයවළුන්ට රජය මඟින් වියදම් කර ඇති මුදල වර්තමානයට ගළපා අයකර ගත යුතුයි. මේ සඳහා නීති සම්පාදනය කළ යුතුයි...

:       5       1

abaran Monday, 14 August 2023 02:09 AM

මේ ගොඩක් දෙනාගේ ගමනාත්ය වන ඕස්ට්‍රලියාව , එංගලන්තය වැනි රටවලදී මුලික වෛද්‍ය උපාධිය අපේ රටේ වගේ නොමිලේ ලබාදෙන්නේ නැහැ . ඊට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා . ඕස්ට්‍රලියවේදී විශේසඥ වෛදය වරයෙකු තම වැටුපෙන් 35.7% පමණ බදු මුදලක් රජයට ගෙවිය යුතුයි . මෙහිදී වගේ ප්‍රවාහන දීමනා හෝ අවම වශයෙන් නොමිලේ කාර් පාර්ක් එකක් වත් ලැබෙන්නේ නැහැ . අනික අපේ රටේ වගේ තමන්ගේ පෞද්ගලික චැනලින් වලට එන රෝගීන්ව රජයේ රෝහලේ වාට්ටුවල නවතාගෙන විශේෂ වාසි ලබන්න බැහැ . මෙන්න මේවත් අපේ රටේ සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනෑ . සෞඛ්‍ය සේවය විශේෂ සේවයක් ලෙස සලකා එහි සිටින සියලු සේවකයින්ට විශේෂ වැටුප් ක්‍රමයක් ලබාදීමට කාලය හරි . නමුත් වෛද්‍යවරුන්ට ඉහලින් කපුටෙකුටවත් පිහාබින්න දෙන්නේ නැහැ කියන අධි මානසිකත්වයෙන් මිදෙන්නත් ඒ අය දැනගත යුතුයි .

:       2       11

Shan Monday, 14 August 2023 07:55 AM

බහුතරයක් වෛද්‍යවරු ඉගෙන ගන්නේ ඔවුන්ගේ උත්සාහයෙන්,ඔවුන්ගේ වැටුපෙන්.වහල්ලු වාගේ ඔවුන්ගෙන් වැඩ ගන්න බෑ.වෛද්‍යවරුන්ට නිසි පහසුකම්,වරප්‍රසාද හා වැටුපක් දුන්නා නම්, රට ගිය වෛද්‍යවරුත් නැවත එයි.

:       4       11

චන්දන Monday, 14 August 2023 08:24 AM

රෝහල්වල වෛද්‍ය හිගය බරපලයි. MOH වල ඉන්න වෛදයවරුවත් මේවට දාල තත්ත්වය සමනය කරන්න.

:       2       3

Jay Monday, 14 August 2023 08:35 AM

පුළුවන් තරම් ඉක්මනින් රට හැර පිටරටවලට යන්න. මේ රට ඉගන ගත්ත මිනිස්සුන්ට සුදුසු නෑ.

:       2       10

JR Monday, 14 August 2023 12:08 PM

Agenda වෛද්‍යවරුන්ට රට එපා කරවා, විදේශගත වීමට සැලසීමෙන් දැඩි වෛද්‍ය හිඟයක් ඇති කිරීම... බෙහෙත් හිඟය සහ මාධ්‍ය මඟින් රජයේ රෝහල් කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ දැමීම... එයට පිළියම් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමත්, සෞඛ්‍ය පෞද්ගලික කරණයත් කළ යුතු බව ජනතාවට ඒත්තු ගැන්වීම. ජනතාව ලවාම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බවට හඬක් නැංවීම. ජනතා හඬට කන් දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම. එවායින් අවම සුදුසු කමවත් නොමැති දේශපාලකයින්ගේ ඥාතීන්ට හා මුදල්වලට උපාධි දීම. රජයේ වෛද්‍ය විද්‍යාල බිඳ වැටීමට සැලසීම. වෛද්‍යවරුන් පත් කිරීම මුදලට සහ තමන්ගේ පන්තිය නතුකර ගැනීම. ගමෙන් එන දක්ෂ දරුවාට වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශ නොදීම. වෛද්‍ය වෘත්තිය තමන්ගේ පන්තියේ බූදලයක් කොට ගැනීම සෞඛ්‍ය සේවාව පෞද්ගලිකරණය...

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 77 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 495 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 286 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක
2024 ඔක්තෝබර් මස 14 394 0

සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ


ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 1750 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 35 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 387 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 445 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1399 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site