(යොහාන් භාසුර)
මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර හෙට දිනයේ ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීම විදේශ සමාගම් හරහා ක්‍රියත්මක කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමයක් නොමැති බවත් ඒ මහතා කීය.
දින 30 ක් පමණක් වලංගු ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළන් වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.
මාස 6 ක, වසර දෙකක, වසර තුනක ලෙස එම වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් දුරකථන සමාගමක් පවසන ආකාරයට එම වීසා නිකුත් කිරීමේ යෝජනාවක් නොතිබුණු බවත් ඒ මහතා පැවසීය.
රටක වීසා නිකුත් කිරීම නතර කළ නොහැකි ක්‍රියාවලියක් බැවින් කිසියම් හෝ ක්‍රමවේදයකට එය ක්‍රියාත්මක කළ යුතු බව කී වියානි ගුණතිලක මහතා පැවසුවේ අදාල දුරකථන සමාගම සමඟ හෝ කටයුතු කිරීමට සිදුවන බවත්ය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වීසා 17 න් දෙන්න පුළුවන් එකක් පමණයි
විජිත් Sunday, 04 August 2024 02:59 PM
මොනවද මේ කතා ? ශ්‍රී ලංකා වීසා දෙන්න ඔය හොර කොම්පැනි වලට කොන්තරාත් එක දෙන්න කලින් තිබුන ETA වීසා ඔන්ලයින් ක්‍රමයට (ශ්‍රී ලංකා ටෙලිකොම් සමග) මොකද වුනේ? මට පෙනෙන්නේ මෙයත් අර හොර රැළට සම්බන්ධයි වගේ. වීසා නිකුත් කිරීමේ බලධාරියා මෙයා නොවෙයි. ආගමන විගමන පාලකවරයායි බලධාරියා, ඔහුයි අලුත් තත්වය ගැන ප්‍රකාශයක් නිකුත් කළයුත්තේ...!
ජයනාත්Sunday, 04 August 2024 04:36 PM
දැන් හොරු සේරම එකට එකතු වෙලා. කියන්න කෙනෙක් නැහැ...
dukin Sunday, 04 August 2024 04:03 PM
කෝප් එකෙත් කතා කරලා මතු වෙලා යට ගිය වංචාවක් තිබුනා . ඩොමේන් නම් ලියා පදිංචිය. මොරටුව විශ්ව විද්‍යාලෙ ඇතුලේ තිබුනේ. ඉඩ මදි කියල පිටට ගියා. ඒ යනව එක්කම පෞද්ගලික උනා.
අපිට එපා Sunday, 04 August 2024 04:37 PM
ඉතිං ඔය Visa එකත් රෝල් කරලා ඔබතුමා.. එක්කෝ ඕන නෑ.
sena Sunday, 04 August 2024 05:23 PM
සමහරුන්ට කොමිස් එන ක්‍රමේට ඇර වෙන කිසිම ක්‍රමයක් බැහැ
අරවින්ද මොනරවිල Sunday, 04 August 2024 06:53 PM
මෙයා කියන විදිහට මීට කලින් ලංකාවේ වීසා නිකුත් කරලා නැහැ ටිරාන්ගේ හොර සමාගම තමයි ලංකාවේ පළමු වරට වීසා නිකුත් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මොවුන් සේරම එකතුවෙලා තමයි ගේම දීලා තියෙන්නේ.
මහසෙන් Sunday, 04 August 2024 06:55 PM
නිකං බයිලා ගහන්න එපා, කලින් යස අගේට online අයැදුම් කළාම පැය 24ක් ඇතුළත (පැය 2ක් යන්න කලිනුත් වීසා ok වෙලා ආපු වෙලාවලුත් තිබ්බා) වීසා එක ආවේ දවස් 30 කට...
chandima Sunday, 04 August 2024 08:20 PM
එකතුවෙලා කාපුවා වමාරගන්න බැරිව දගලනවා වගේ?
Lalla Sunday, 04 August 2024 09:52 PM
ඇමැති එක්ක එකට අසූචි වළඳලා වගේ... මෙයා කියන විදියට ලංකාව කලින් විවිධ වීසා නිකුත්කර නෑ. ලංකාවට විදේශිකයින් ඇවිත් නෑ. මේ පුද්ගලයා පරිපාලන සේවයේ අයෙක්ද කියල සැකයි නේද?
Janahitha Sunday, 04 August 2024 10:41 PM
හොර තක්කඩි එළවමු...
Wasantha Monday, 05 August 2024 06:11 AM
සම්පූර්ණයෙන්ම වැරදියි. ආගමන විගමන වසර ගණනාවක් සඳහා වීසා නිකුත් කරයි. කවදාවත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ මිනිසා නිදහසට කරුණු සෙවීමට උත්සාහ කරයි. ඔහු ද සම්බන්ධයි වංචා කල මුදල් වලට
Alfread Monday, 05 August 2024 09:48 AM
වැඩක් හරියට කරනකොට කාටවත් ඒක කරන්න දෙන්නේ නෑ. පාතාලයට ගහනකොට පොලිස්පති ගෙදර යැව්වා. වීසා වැඩේ කරනකොට ඉස්සෙල්ලා ඒක අනාපු අය දැන් කරන අයව ගෙදර යැව්වා. අධිකරනෙටම රට කරන්න දීලා පැත්තකට වෙල ඉන්න තියෙන්නේ. එතකොට ලිබියාව වගේ වෙයි. ඔය දඟලන අයගේ අමාරු ඔක්කෝම එතකොට හොඳ වෙයි.
[email protected] Monday, 05 August 2024 05:08 PM
ඇයි කලින් කරුවේ කොහොමද?