(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ එම මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇත.
ඉන්දියන් වීසා බලපත්‍ර වැඩි මිලට අලෙවි වන බවට බම්බලපිටිය තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දේශීය නියෝජිතවරියට ලද රහසිගත තොරතුරක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් අනතුරුව එහි සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර කරගැනීමට කර ගැනීමට හැකි වී ඇත.
ප්‍රධාන සැකකරු වන දත්ත සැපයුම්කරුගේ දුරකථන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර ඉන්දියන් වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට සැකකරු හා දුරකථනයෙන් පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී ආවේක්ෂණ රාජකාරි සිදු කරමින්. තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
වීසා ජාවාරමෙක් කොටු වේ