( පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගියකු හමුවීම හේතුවෙන් ඊයේ (9) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද (10) පෙරවරුවේ සිට නැවත විවෘත කර ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .
මෙම ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කර නැවත විවෘත කිරීම හේතුවෙන් ජනතාව ප්‍රතිකාර සඳහා පැමිණීමට බිය නොවන ලෙසද , අලුත්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එහි සේවය සඳහා යොදවන ලද බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
සැකසහිත රෝගියා හමුවූ අවස්ථාවෙිදි එහි සේවය කළ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත සම්පුර්ණ කාර්ය මණ්ඩලයම මේවනවිට රෝහල ආසන්නයේ පිහිටි කුරුණෑගල හෙද විදුහලේ ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන බවද ඔහු සඳහන් කළේය .
සැකසහිත රෝගියා සම්බන්ධයෙන් වන රුධිර පරීක්ෂණ වාර්තාව කොළඹින් මෙතෙක් ලැබී නැති බවද , කුරුණෑගල ශික්ෂණ රෝහලට එවැනි පරික්ෂාවන් සිදු කරන PCR යන්ත්‍රයක් ලබාදී තිබුණානම් මෙම රෝගියා සම්බන්ධයෙන් ඉක්මන් වාර්තාවක් ලබාගත හැකිවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය .
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වසා දැමූ කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි
බද්රානි Friday, 10 April 2020 08:27 AM
කුරුණැගල ශීක්ෂණ රෝහලේ තරම් දුෂිත දොස්තරලා සිටින වෙනත් රෝහලක් ලංකාවේ නොමැති තරම්. රෝගීන්ට ප්‍රතිකාර නොකර, දොස්තරලා ෆේස්බුක් එකේ පිනුම් ගහනවා කියලයි... අපිට නම් ආරංචි? නම් ගම නොදාන්නේ, අපිට තියන ලජ්ජාවටයි තේරුනාද?
රවිඳු Friday, 10 April 2020 10:47 AM
ඒ කියන්නේ කොරෝනා රෝගියෙක් හමු උනාම ඩොක්ටර්ලා පන එපා කියලා පැනල දුවනවාද? ඔය කියන කුරුනෑගල රෝහලේම තව ඩොක්ටර් කෙනෙක් ඉන්නවා, ලෙඩ්ඩුන්ට බෙහෙත් දීම පැත්තකින් තියලා සින්දු ලියන සින්දු කාරයෙක්, මෙලෝ රහක් නැහැ. ඩොක්ටර් වැඩෙයි, සින්දුවයි දෙකම එක වගෙයි.