IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි

(ගයාන් සූරියආරච්චි)

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක්  දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

ඒ සදහා ගුවන් තොටුපොළේ වීසා කවුන්ටර් 12 ක් වැඩි කර ඇති බව අලස් පැවසීය.

ඇමතිවරයා මේ බව පැවැසූවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.

ගුවන් යානා කිහිපයක් එකවර පැමිණීමේදී වීසා නිකුත් කරනු ලබන කවුන්ටර්වල පෝලිම් ඇතිවන අතර මෙම තත්ත්වය අවම කරගැනීම සදහා පවතින කවුටර්වලට අමතරව නව කවුන්ටර් 12 ක් ස්ථාපිත කළ බවත් ඇමතිවරයා කීවේය. 

වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම මගින් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණය විසින් වාරණය කිරීම හේතුවෙන් විදේශිකයන් දිවයිනට පැමිණීමෙන් පසු දින 30 කට හෝ දින 60 කට වීසා ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා කිවේය.

වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම හරහා විසා නිකුත් කිරීම ක්‍රියාත්මක කළ අවසන් මාසයේදී පමණක් සංචාරකයින් එක්ලක්ෂ අසූ නව දහසක් පැමිණි බවත්  එම ක්‍රමවේදය වාරණයවීම ගැන හෝටල් ව්‍යාපාරිකයින් රැසක්ම කනස්සල්ල පළකරන බවත් ඇමතිවරයා කීවේය. 

එසේම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරන බවද හෙතෙම කීවේය.



අදහස් (11)

විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි

mangala Monday, 09 September 2024 05:53 PM

හෝටල් ව්‍යාපාරිකයින් කොහොම වෙතත් කුට්ටිය ගත්තු අය වගේම කුට්ටිය දුන්න අයත් කණස්සල්ල හොඳටම පලකෙරෙනවා ඇති. රටේ මිනිස්සුන්ගෙන් ගසාකනවා මදිවට රටට කීයක් හරි අරන් එන සංචාරකයින්ගෙනුත් ගසා කන එකට තිත වැදිච්ච එකට හරි හිතට අමාරු ඇති. ජාජබ ආණ්ඩුවකින් මේක කරපු අයට දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

:       0       1

සෞදි-සිංහ Monday, 09 September 2024 05:58 PM

ප්‍රශ්නේ තියෙන්නේ අක්‍රමිකතාවන් මිසක් VFS වීසාවල නොවේ.

:       3       42

විජිත් Monday, 09 September 2024 05:58 PM

ඔය VFS හොර විසා මගඩිය කරපු අයට තව මාසෙකින් විතර ගරු අධිකරණයෙන් උපරිම දඬුවම් ලැබේවි. ටිරාන් සුදු කොන්ඩයා, ලැහැස්ති වෙලා ඉන්න හිරේ යන්න... ඔය ඔක්කෝටම කලින් තිබුණු ඔන්ලයින් වීසා ක්‍රමය (ඩයලොග් සමඟ) හොඳම ක්‍රමයයි...

:       57       45

සෑම් Monday, 09 September 2024 06:10 PM

VFS නෙමෙයි තව දවස් 12 යි, ගෙදර යන්න ලැහැස්ති වෙන්න...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 09 September 2024 06:14 PM

දැන් මුන්ට ඕනා තියෙන සිස්ටම් සියල්ල අවුල් කරලා වනසලා යන්න. ඒ ඊළගට බලයට එන ආණ්ඩුවට රට කරගෙන යන්න බැරි වෙන්න. ඒ නිසා මැතිවරණයෙන් පසු තෙල් සහ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ තියෙන බවට රාවයක් පවා යනවා.

:       0       0

Rata Perata Monday, 09 September 2024 06:21 PM

කිසිම වැඩක් හරියට කරගන්න බැරි මේ වගේ මිනිහෙක්ට රටේ ආරක්ෂාව බාර දුන්න එකම ඇති ගෙදර යවන්න

:       0       0

Lankaputha Monday, 09 September 2024 07:18 PM

නීතියට උඩින් ජරාව වැඩ කරනවා. තවත් කෙහෙළිය රඹුක්වැල්ල කෙනෙක්...

:       58       42

ජනරළ Monday, 09 September 2024 09:11 PM

මේ යෝදයා අත ගැහුවොත් ඔක්කෝම ඉවරයි. බොහොම පහසුවෙන් කරන්න තිබුණු කොයි දේත් අනලා නාලා ගඳ ගස්සලා විනාසම කරනවා. ඔක්කොටම හේතුව දුෂිත ගනුදෙනු...

:       58       47

Kalum Monday, 09 September 2024 11:57 PM

වීඑෆ්ස් වලට දෙන්න කලින් අගේට තිබුණ ඔන්ලයින් වීසා සිස්ටම් එක වැරදි විදියට අයින් කලෙත් එයාලම තමයි...

:       0       0

Perera Tuesday, 10 September 2024 06:31 AM

මගොඩි ඩීල් දාන්න තමයි මෙයා දක්ෂ

:       0       0

Athula Tuesday, 10 September 2024 02:05 PM

අන්තිම දවස් කීපය හෝ කොල්ල කන්න පුළුවන් නේද..? ඕවා සේරම ගන්න දිනය ලඟයි

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1390 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1764 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5578 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1496 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5891 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5513 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17773 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site