(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තැරැව්කරුවන් පිරිසක් බත්තරමුල්ලේ කෝටි අටසීයක් වටිනා විසුම්පාය ගොඩනැගිල්ල කෝටි 400කට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට පිටින් මේ කටයුත්ත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ රාජ්‍ය සම්පත් විකිණීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
අඩු මුදලකට විකිණීමට තැරැව්කරුවන් පිරිසක් උත්සාහ දරන බවට ආරංචි යැයිද විපක්ෂ නායකවරයා කීය.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:
රජයේ මුදලට අඩුවෙන් ගොඩනැගිල්ල දෙන්න හැකියාවක් නැහැ. ආයෝජකයකු ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබුණා.
විසුම්පාය අපිට සංවර්ධනය කරන්න බැහැ. සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න කියලා අපි කියලා තියෙනවා. කොහොම නමුත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ මිලට වඩා අඩුවෙන් කරන්නම බැහැ.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විසුම්පායට වෙන්න යන දේ
රංබොඩ Friday, 09 February 2024 12:12 PM
ණය ගැනීමයි , TAX ගැහිල්ලයි , විකුණාගෙන කෑමයි. ඒක තමයි වර්ථමාන පාළනය
Udayanga Friday, 09 February 2024 01:34 PM
දැන් ඉතින් රජයේ තක්සේරුව කෝටි 400 අඩු කරයි... අපේ පොරවල්ගේ හැටි දන්නවනේ... හරි සිම්පල්..