(නිමල කොඩිතුවක්කු)
වසර එකොළහකට පසුවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ලතවනබව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
රටට නායකයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් කනගාටුවෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂනායක කාර්යාලයේ අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද කීය.
“පළාත් සභා මැතිවරණය නෙමෙයි අද අවශ්‍යතාවය. ඒ පිළිබඳ මත විමසන්න තිබුණේ මීට බොහෝ කලින්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් එවලා තියෙනවා. එතුමා කියනවා මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාදායකයේ කාර්යභාර්ය ඉටුකරන්නයි තියෙන්නේ කියලා.
දැන් එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනවා. 2018 ෆොන්සේකා මහතා ඉදිරිපත් කළා. 2015 දී අපේ මහලේකම්තුමන්ව පොදු අපේක්ෂකයා විදියට හංසයා ලකුණින් ඉදිරිපත් කළා. ජනාතා විමුක්ති පෙරමුණ අවුරුදු 20 කට පස්සේ මෙවර අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් අවුරුදු 11 කට පස්සෙ තමයි මේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න හදන්නේ. ඒකෙත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරුව දඟලනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘වසර 11කට පසුවත් එජාපයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්න බැරිවෙලා’