IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


වසර 3 ක සිර දඩුවම් නියමව සිටි නීතිඥවරයකුට ඇප

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඔස්ට්‍රේලියානු ඩොලර් එක් ලක්ෂ අසූ දහස් පන්සියක මුදලක් සාවද්‍ය සාපරාධී අපහරණය කිරීමේ චෝදනාවට වරදකරු වී  කොළඹ මහාධිකරණයෙන් වසර 3ක  සිර දඩුවම් නියමව සිටින නීතීඥවරයෙකු වූ  බිම්සර දිසානායක නැමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

අදාල නීතීඥවරයාට සෑම මසකම හතරවැනි ඉරුදින මේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොට්ඨාෂයේ පොලීසියට වාර්තා කරන ලෙසද , ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගැනීමටද අභියාචනාධිකරණය නියම කෙරිණි.

තමා ඇප මත නිදහස් කරන්නැයි ඉල්ලා  නීතීඥ බිම්සර දිසානායක නැමැත්තා විසින් ගොනු කර තිබූ ඇප අයදුම්පතක් මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගේන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලමින් මෙම ඇප නියෝග නියම කෙරිණි.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් එඔස්ට්‍රේලියා ඩොලර්   ඒක් ලක්ෂ අසූ දහස් පනසියයක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවසක් සෑදීම සදහා පෙත්සම්කරුගේ ගිණුමට එවා තිබූ අතර , එම මුදල්‍ සාවද්‍ය සාපරාධීව අපහරණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ මෙම නීතීඥවරයාට එරෙහිව නඩු පවරන ලදී.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව 2018 ජනවාරි 28 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණය එම නීතීඥවරයාට වසර 3ක සිර දඩුවමක් නියම කළ අතැර ඊට අමතරව රුපියල් ලක්ෂ පහක දඩයක්ද නියම කෙරිණි.

ඊට අමතරව රුපියල් ලක්ෂ 90 ක මුදලක් මෙම සිද්ධියට ලක්වූ වින්දිතයාට ගෙවන ලෙසටද මහාධිකරණය නියෝග කෙරිණි.

මෙම නියෝග වලින් අගතියට පත් වූ පෙත්සම්කරු එම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් සහ තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කෙරිණි.

 එම ඇප අයදුම්පත සලකා බලමින් අභියාචනාධිකරණ මෙම ඇප නියෝග ලබා දෙන ලදී.



අදහස් (0)

වසර 3 ක සිර දඩුවම් නියමව සිටි නීතිඥවරයකුට ඇප

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 110 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 172 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 348 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1131 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 383 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1327 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site