(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරුවේ පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි .
ශ්‍රී ලංකාවට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් (Alex Mazkov) ය. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා ද පැමිණ සිටියහ .
ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ , පසුව එරට මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරු 02.10ට පැමිණ තිබුණි .
2019 වසරෙන්, වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසීය .
මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක්
කිරිපුතා Tuesday, 26 September 2023 07:57 PM
ගුවන්තොටුපල ඇතුලෙ තත්ත්වය කාර්යක්ෂම විය යුතුයි . දිගු පෝල්ම් වල ඉඳලා නැවත යන සංචාරකයින් ඒ ගැන කලකිරීමෙන් යන්නේ . ඒක සංචාරක ව්‍යාපාරයට හොඳ නෑ
Bamunuarachchi Wednesday, 27 September 2023 01:30 AM
පාහර ජෙප්පෝ කිව්වා නේද? ලංකාවට විදෙස්සංචාරිකයින්ට එන්න දෙන්නේ නැහැයි කියලා. ජාති ද්‍රෝහී ජෙප්පන්ව හිටෝ පස් ගැසිය යුතුයි නේද?
dumindaWednesday, 27 September 2023 01:22 PM
හ හ හා
NimalWednesday, 27 September 2023 01:54 PM
එතකොට ඉන්න අනික් 222 ම දේශප්‍රේමීන්ද ?
chandima Wednesday, 27 September 2023 02:03 PM
ඒවාගෙන් ගෙන එන නිසානේ රනිල් 10 ක් 12 ක් එක්කලා ලෝකේ වටේ යන්නේ ?
Athula k Wednesday, 27 September 2023 04:38 PM
සංචාරක වීසා අරගෙන මෙහෙ රැකියා වලට එන ඉන්දියන් මිනිස්සුත් ඔය ගානට ඇතිනේ