(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවේ 2019 සහ 2023 අතර වසර පහක කාලය තුල ලියපදිංචි දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී මරණ ලියාපදිංචිය 34,842 කින් ඉහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව 2019 වසරේ සිට 2023 වසර දක්වා ශ්‍රී ලංකාව තුල සිදුව ඇති දරු උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරු අනුව මේ බව සඳහන්වෙයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව තුල දරු උපත් 3,19,010 ක් සිදුව ඇති අතර 2020 වසරේදී උපත් 3,01,706 ක් සිදුව තිබේ.
ඒ අනුව එම වසර තුල පෙර වසරට සාපේක්ෂව දරු උපත් 17,304 ක අඩුවක් පෙන්වයි. එම තොරතුරු අනුව 2021 වසරේදි උපත් 2,84,848 ක් වාර්තා වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව එය උපත් 16,858 ක අඩු වීමක් වෙයි.
2022 වසරේදි දරු උපත් 2,75,321 ක් සිදුව ඇති අතර පෙර වසරට සාපේක්ෂව උපත් 9527 ක අඩු වීමකි. 2023 වසරේදී ලංකාව තුල දරු උපත් 2,47,900 ක් ලියාපදිංචි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව උපත් 27,421 ක අඩු වීමක් වෙයි.
2019 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර පහක කාලය තුල ලංකාවේ ලියාපදිංචි කර ඇති දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී තිබේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු වලට අනුව 2019 වසරේදී ලියාපදිංචි කර ඇති මරණ සංඛ්‍යාව 1,46,397 ක් වන අතර 2020 වසරේදී 1,32,431 ක් වෙයි. ඒ අනුව එම වසර තුල මරණ 13,966 ක අඩුවක් පෙන්වයි. 2021 වසරේදී මරණ 1,63,936 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසර තුල මරණ සංඛ්‍යාව 31,505 කින් ඉහළ ගොස් තිබේ.
2022 වසරේදී මරණ 1,79,792 ක් ලියාපදිංචි වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව මරණ 15,856 වැඩි වීමක්පෙන්නුම් කරයි. 2023 වසරේදී මරණ 1,81,239 ක් ලියාපදිංචි වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 1,447 ක වැඩි වීමක් පෙන්නුම් කරයි.
කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛණ අනුව 2021 සහ 2022 වසරෙවල මරණ සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම් කරන්නේ එම කාලය තුල සිදු වූ කොවිඩ් 19 ආසාදිත මරණ නිසා විය හැකියි. එම වැඩි වීම 2023 වසරේ සිට අඩු වෙමින් පවතින බවද සංඛ්‍යා ලේඛණවල දැක්වෙයි .
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි
pakeer Thursday, 17 October 2024 10:51 AM
මේක හොඳ තත්ත්වයක්.හුඟක් තරුණ අය මෙහෙන් ගියා. ඒ අයගේ බබාලා ලැබෙන්නේ පිටරටදී. ඒ නිසා ඉස්කෝල ප්‍රශ්නයි, මිල මුදල් ප්‍රශ්නයි බැලුවම මේක හොඳ ප්‍රවණතාවක්.
බකල ජයා Thursday, 17 October 2024 11:01 AM
ජනගහන ප්‍රශ්ණෙටත් විසඳුමක් දීගෙනම තමයි කලින් අය ගිහින් තියෙන්නෙ. ඉතිං මිනිස්සු කියනව ඒ අය හොරකම් කෙරුව විතරයිලු.
රම්බොඩ Thursday, 17 October 2024 11:10 AM
මේ හරියටම කොරෝනා කාලෙනේ. ඒක සාමාන්‍ය දත්ත සමඟ සැසැඳීම සුදුසු නෑ කියලයි හිතෙන්නෙ. 2023 පසු දත්ත එකතු කළ පසු සාමාන්‍ය තත්ත්වය දැනගත හැකි වේවි.