(යොහාන් භාසුර සහ සමන් කාරියවසම්)
තරුණයකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී පානදුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ වසර පහකට ආසන්න කාලයක් අධිකරණය මගහැර සිටි අපරාධකරුවකු හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් චින්තක මධුභාෂණ නැමැත්තා පානදුර මහාධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
අදාල පුද්ගලයා 2020 වසරේ සැප්තැම්බර් මස සිට අධිකරණය මගහරිමින් හලාවත ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පොල් වත්තක් මිලට ගෙන එහි ජීවත්ව ඇති බවත් සැකකරු නොමැතිව නඩු විභාගය පවත්වා පානදුර මහාධිකරණය ඔහු වරදකරු කරමින් පසුගිය ජනවාරි මස 31 වැනිදා මරණ දඬුවම නියම කළ බවත් පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා හලාවත ප්‍රදේශයේ ජීවත් වන බවට මෑතකදී පිහිටුවූ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට හලාවත පොල් වත්තේදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් සැකකරු මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු වීම නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කීය.
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
වසර පහක් කට්ටිපැන්න අපරාධකරුවෙක් පොලිස් දැලේ