(රංජන් කස්තුරි)
වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිලි වික්‍රමසිංහ මහතගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉකුත් දා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම මූලික එකඟතාවය පළකර තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇතැයි ද පැවැසේ.
ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞද අරාබි රාජ්‍යයේ සංචාරයක නිරත වූ අහමඩ් මහතා ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන්නැය ද එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
කෘෂිකර්මික, පොහොර නිෂ්පාදනය ඛනිජතෙල් ගබඩා පහසුකම් ඉදිකිරීම ඉන්ධන සැපයුම් ස්ථාන පිහිටුවීම පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ශ්‍රි ලංකාවට ලබා ගැනීම පිළිබඳව එහිදී සකච්ඡාකර තිබේ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර හයකට සෞදියෙන් ණයට තෙල්
Prabha Wednesday, 07 September 2022 03:03 PM
මේ දෙන්නේ බොරතෙල්ද?
LankaWednesday, 07 September 2022 03:19 PM
නෑ. වඳ තෙල්
podi HamineWednesday, 07 September 2022 03:24 PM
නැහැ ප්‍රභා... ඒ දෙන්නේ අපිව රවට්ටන්න...
ganegodaWednesday, 07 September 2022 04:16 PM
මේ තෙල් හිතේ අමාරුවට පපුවේත් ගාගන්න පුළුවන්ලු..!
Achini Wednesday, 07 September 2022 03:07 PM
අනේ මන්දා දැන් ඕවට, රතන හාමුදුරුවෝ, ඥාණසාර හාමුදුරුවෝ සහ අනිත් කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ.. දැන් අපිට අරාබියෙන් මුකුත්ම එපා කිව්වනේ..!
" උම්මා රාජ්‍යය " Wednesday, 07 September 2022 03:11 PM
පලමුවත් රට ...! දෙවනුවත් රට ..! ! තෙවනුවත් රට ..! ! ! කියලා පොළොව ඉඹින " උම්මා " රාජ්‍යයක්ම වෙයිද..?
podi hamine Wednesday, 07 September 2022 03:29 PM
අවුරුදු 8 කට කළින් හිටපු ජනාධිපති කෙනෙක් නුවර රැළියක් අමතලා කිව්වා අපේ රටේ බොරතෙල් හා ගෑස් නිධි සොයා ගත්තා. අවුරුදු 02කින් නිෂ්පාදනය පටන් ගන්නවා කියලා. මේ ඇමැති කියනවා අවුරුදු 6ට අපට තෙල් සෞදියෙන් ණයට ලැබෙනවා කියලා. අපි මේවා අහලා මෝඩයෝ වෙනවා.
kamalWednesday, 07 September 2022 05:48 PM
මේ රටේ දේශපාලකයින් කියන්නේ කටින් බතල හිටුවන උදවිය කියලා තාම තේරුණේ නැද්ද?
ganegoda Wednesday, 07 September 2022 03:42 PM
වසර 6කින් වත්මන් පාලකයො කොහෙ ඉදීද මන්ද ? එතකොට කවුද මෙ නය කන්රාදව ගෙවන්නෙ ... වසර 6කින් ඉපදෙන්න ඉන්න දරුවොත් නයකාරයො කරල තමයි මෙ ආන්ඩුව පස්සබලන්නෙ .
BamunuarachchiThursday, 08 September 2022 04:54 PM
අනික් අය ගැන හිතන්න ඕනේ නැහැ... ඔහෙයි, ඔහේගේ ළමයි ටිකයි, ඒ ළමයින්ගේ ළමයි ටිකයි ඔබලාගේ ණය කොටස ගෙවන්නකෝ... ඉතුරු ටික අපි බලාගන්නම්... අපි රටින් ගියාම ඒ ටිකත් ඔහෙලාම ගෙවන්න...!
වීරවිජේ Wednesday, 07 September 2022 03:54 PM
අපිට එපා. ඉන්න හොරු ඉස්සෙල්ලා භාර වෙයන්...
akalanka Wednesday, 07 September 2022 04:14 PM
මේ වඳ තෙල් ගහලා අපේ වාහන වඳවෙයිද මන්දා..?
දිමුත් Wednesday, 07 September 2022 04:50 PM
දැන් ඔය ණය කන්දරාව ගෙවන්නේ ඇමැතිද?
Dasa P Wednesday, 07 September 2022 05:09 PM
දැන් ඔය තෙල් හලාල්ද?
Nihal Wednesday, 07 September 2022 05:47 PM
බොරුවට සීමාවක් නෑ... ස්වර්ගය වගේ...!
pakeer Wednesday, 07 September 2022 08:12 PM
ඒ කියන්නේ තව අවුරුදු 5කින් සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 75ක්. සුපිරි ප්ලෑනින්..
අශාන් Thursday, 08 September 2022 02:55 AM
ඒ කියන්නෙ වසර පහකින් තවත් බිලියන 30 කින් ණය වැඩි වෙනවා. මොලේ තමයි මොලේ
Athula Friday, 09 September 2022 12:47 AM
දැන් තමයි බරපතලම ප්‍රශ්නයකට ඇද දමන්නේ අන්තිමට වෙන්නෙ මහා විනාශයක් කෝ යකෝ දැන් අර දේශප්‍රේමීන්?