IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා අවසන් කෙටුම්පතට ඇතුළත් කරනවා

(විනීතා එම් ගමගේ)

 

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති උචිත හා අවශ්‍ය සංශෝධන ද අවසන් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කිරීමට සළකා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ වනවිට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දන්වා ඇතැයි කී පීරිස් මහතා පාර්ලිමේන්තුව යළි රැස්වන මේ මස 20 වැනිදා එය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි ද කීය.

ඉන්පසු ඕනෑම අවස්ථාවක 20 වන සංශෝධනය විවාදයට ගත හැකි වන බවත් පසුව සිදුවන දෙවන වර කියවීමේ සිට සංශෝධන එක් කළ හැකි වන බවත් අමාත්‍යවරයා කීය.

ජී එල් පීරිස් මහතා මේ අදහස් පළ කළේ නෙළුම් පෙදෙස පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

එහි දී තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මේ සම්බන්ධව විවාදයක් පැවැත්වෙනවා ද දින කීයක් ද ආදී කරුණු තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු කමිටුව විසින් යැයි ද කියා සිටියේය.

අවශ්‍ය යැයි සිතන සියලු සංශෝධන අලුත් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කරන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.



අදහස් (14)

විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා අවසන් කෙටුම්පතට ඇතුළත් කරනවා

විජිත් Monday, 12 October 2020 09:04 AM

තීන්දුව එදාම ජනාධිපතිටත්, කතානායකවරයාටත්, විශේෂ ආරක්ෂක කවරවල බහා යැව්වා කියලයි එදා දැනුම් දුන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121-3 වගන්තිය අනුව එහෙම තමයි වියයුත්තේ. නමුත්... ඉන් පැය කිහිපයක් ඇතුළත, ඒ තීන්දුව pdf ෆෝමැට් එකකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. 3,5,14 සහ 22 යන වගන්ති හැර ඉතිරි සියලුම දේවල් 2/3 සම්මත කළ හැකිබවත් ඉතිරි 4 සඳහා ජනමත විචාරණයකට යා යුතුබවත් එහි සඳහන් වුණා. ඒ වගේම 3,5,14,22 යන වගන්ති කාරකසභා සංශෝධනයක් වේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් කියනවා. ඒ පිටපත සමාජ මාධ්‍යයට දැම්මේ මල්වානේ මිස්ටර් 10% කියලා දැන් කවුරුත් දන්නවා. පිරිස් ලොක්කාගේ හිතේ මේ රටේ ඉන්නේ ලක්ෂ 69 ක බයියන් විතරයි කියලා.

:       0       1

kamal Monday, 12 October 2020 09:25 AM

නැතුව නැතුව,... ඔබතුමාලා මේතරම් වෙරගන්නේ රටට සේවය කිරීමටනේ.. මොකද අපිට නොතේරෙනවයැ...

:       0       0

siri Monday, 12 October 2020 09:42 AM

විස්සට එරෙහි පෙත්සම් 39 පිළිබඳ ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යැවූ පංච පුද්ගල අධිකරණයේ තීන්දුව හොර පාරෙන් මාධ්‍යයට ලැබිලා කියලා කියන්නේ ඇත්තක්ද? දැන් අන්තර්ජාලයේ පළවී ඇති එම වාර්තාවන්ට අනුව 20 සම්මත කරගැනීම අනුමත වෙලා කියලයි කියන්නේ..

:       0       0

Nuwan Monday, 12 October 2020 09:52 AM

රටේ මිනිස්සු කෝවිඩ් හැදිලා විඳවනවා. මේ ඔක්කොම අස්සේ බලතණ්හාව ඔලුවේ තියාගෙන තිරේ පිටිපස්සේ ඉඳන් 20ට වැඩ..

:       0       0

rana Monday, 12 October 2020 10:29 AM

දැන් මේ අයගේ ප්‍රශ්නේ 20, අපේ ප්‍රශ්නය ජීවත් විම. අනේ අපොයි...!

:       0       0

rocky Monday, 12 October 2020 10:31 AM

මහත්තයෝ, 20 ගැන කතානායකතුමා.. තවම දන්නේ නැතිව වගේ... ඒත් ඒ රහස්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ මහජනයාට දැනගන්නට ලැබුණේ කොහොමද? මේ සිද්ධියෙන්ම වුණත් ඔබතුමාලාගේ හපන්කම් අපට හිතාගන්න පුළුවනි.

:       0       0

Champa Monday, 12 October 2020 10:51 AM

සිංහලයෙනි අවදිවව්...!!! 20 හකුලා ගන්න ආණ්ඩුවට බල කරන්න වහ වහා එකතු වෙයව්! 20 ගැන කියපු ඔක්කොම ඇත්ත වෙලා තියෙන්නේ. අධිකරණ තීන්දුව වේලාසනම පළකල ඉංග්‍රීසි වෙබ් අඩවියකට නම් මේ බව ලිව්වා. මෙතනට කලින් ලියපුවා තාම වැටිලා නැහැ. ජාතික පුවත්පත් වලට යුතුකමක් තියෙනවා ජනතාවට 20 භයානකකම දැනගන්න ඉඩ දෙන්න. 20 ගෙනාවේ රට පාවා දෙන්න. 20 ගේන්නේ එම්සීසී ගිවිසුම අත්සන් කරන්න කියලා මම කලින් කියපුවා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සහ අධිකරණ ලේකම් මාර්ක් ටී එස්පර් ලංකාවට ගෙන්වා ගන්නවා ඔක්තෝබර් 28, එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න. කොරෝනා ගෙනාවේ, මිනිස්සු ඒ පස්සේ දුවන අතරේ 20 සම්මත කරගෙන, බොහෝවිට ඔක්තෝබර් 28 වෙනකොට ඇඳිරි නීතියත් දාගෙන එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න බව දැන් සක්සුදක් සේ පැහැදිලියි. සිංහලයෙනි, අපට ඉතා භයානක කාලයක් එන්න යන්නේ. ඒ හින්ද දැනදැනම මේ පින්බිම ඇමරිකන් කාරයට පාවා දෙන්න ජනාධිපතිට ඉඩ දෙන්න එපා. දහසක් බුදුන් බුදුවන මේ පින්බිම රැක ගන්න ඉදිරියට වරෙව්!!! අපි නොකියපු බොහෝ දේ තියෙනවා මේ පින්බිම ගැන. ඒවා නොකිව්වේ හේතුවක් නිසා.

:       0       0

Champa Monday, 12 October 2020 11:09 AM

මම කලින්ම කිව්වා 20න් කරන්න හදන්නේ එම්සීසී ගිවිසුම අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න තියෙන බාධා අයින් කරන්න කියලා. ඒ මහා පාවා දීම දැන් කරන්නයි හදන්නේ. අපේ සිංහල රජවරු මුතුන් මිත්තෝ මහා සංඝ රත්නය අතීතයේ ජීවිත පූජාවෙන් රැකගත්ත රට ඇමරිකන්කාරයාට පාවාදෙන්න හදනවා. මම නම් ජනාධිපතිට ඡන්දෙ දුන්නේ නැහැ. මුල ඉඳන් කිව්වා ඔහු රට පාවා දෙනබව... එම්සීසී අත්සන් කරන්න විතරක් නෙමෙයි, කලින් නොහිතුවාට, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න සහ ජනාධිපති ධූරයට තරඟ කරන්න ඉඩ දෙන වගන්තිය ගේන්නේ ජනාධිපතිට නැවත ඇමරිකන් පුරවැසිභාවය ගන්න. 20 සම්මත වුණු ගමන් ඔහුට ද්විත්ව පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපති එම්සීසී, සෝෆා ගිවිසුම් දෙක මේ මාසේ 28 අත්සන් කරන්නේ ඇමරිකන් පුරවැසියෙක් විදිහට. සක්කරයාටවත් නැති මුක්තියකුත් 20න් ගන්නවා. මොනතරම් භයානකද? ඔක්තෝබර් 28 වෙනිදාට ඇමරිකන් පුරවැසියන් දෙන්නෙක් ලංකාව වෙනුවෙන් සහ ඇමරිකාව වෙනුවෙන් එම්සීසී සහ සෝෆා ගිවිසුම අත්සන් කරන්නේ... අපි රණවිරුවෙක් කියලා හිතපු ආරක්ෂක ලේකම්ටත් ලංකාවට වඩා ඇමරිකාව ලොකු වෙලා...

:       0       0

JAGATH G Monday, 12 October 2020 02:08 PM

20 ගැන තවම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා කැඳවා නැහැ. මෙන්න මෙයා මේ මොනවද කියන්නේ..? බළලා මල්ලෙන් පැනලා වගේ තමයි...

:       0       0

THILAK Monday, 12 October 2020 02:10 PM

තීන්දුව තවම කවරේ... එ්ක කඩන්නේ පාර්ලිමේන්තුවේ මෙයා අංජනම් එළියක් බළලාදෝ මන්දා... දන්නෝ දනිති.

:       0       0

KARUNAA Monday, 12 October 2020 02:12 PM

මෙන්න වැඩේ 20 වැනිදා ලිපිය කඩන්න මෙයා මොකද මේ නටන්නේ..?

:       0       0

siri Tuesday, 13 October 2020 01:06 PM

නිකාය දෙකෙන් විතරක් නොවේ... රදගුරුතුමන්ලාත් ඔන්න ඔය වැඩේ කරන්න එපා කියලා. ‘‘රටවල් දෙකක කකුල් තියාගෙන ඉන්න කට්ටය‘‘ පාර්ලිමේන්තු යවනවට තමයි වැඩියෙන්ම අකමැති වෙලා තියෙන්නේ...

:       0       1

L.G.P Jathunarachchy Wednesday, 14 October 2020 04:16 AM

ශ්‍රී ලංකා ජාතියට සිදුවූ ප්‍රධානම ව්‍යවසනය...

:       0       1

BamunuarachchiThursday, 15 October 2020 04:33 AM

මොකද.? 20ද නැතිනම් මුස්ලිම් නායකයින්ට අමාත්‍යංශ බලතල නොලැබීමද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 16 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 351 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 255 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 149 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 674 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 165 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1011 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site