(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා තවත් සංශෝධන 3ක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
19 වැනි සංශෝධනයේ සඳහන් ඇමැති මණ්ඩල සීමාව ඒ අයුරින්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් කිරීමටත්, ජාතික විගණන පනත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට සහ හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 14කින් පසුව ඉදිරිපත් කිරීමටත් යන සංශෝධන ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
එසේ වුවද ජාතික ආරක්ෂාවට හා ආපදා කලමනාකරණයට අදාළ පනත් කෙටුම්පත් දින 7කින් පසුව ගෙනඒමට හැකිවන සේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම සංශෝධන 3 ගෙනඒමට අනුමැතිය ලැබී ඇත. 20 වැනි සංශෝධනයට ගෙනඑන සංශෝධන පිළිබඳව අධිකරණ අමාත්‍ය අල් සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී හෙට (20) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ අතර 20 වැනි සංශෝධනයට ගෙන එන සංශෝධන පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ද දැනුවත් කිරීමට රජය තීරණය කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විස්සට තවත් සංශෝධන තුනක්
මෝ Monday, 19 October 2020 08:08 PM
අනවශ්‍ය සංශෝධන ගෙනැවිත් ජනතා විශ්වාසය බිඳගත්තා. අවංක සහ නිස්සරණධ්‍යාෂයෙන් වැඩ කරන නායකයින් කවදා ලබම්ද?
jagath G Monday, 19 October 2020 10:04 PM
එතකොට කොමිෂන් සභා අහෝසිකර ඒ බලය ජනාධිපති සතුකර ගැනීමේ සංශෝධනය හා අධිකරණය වෙත ජනාධිපතිවරයා කැඳවීමේ බලය ඉවත් කරන සංශෝධනයත් ඉවත් කරනවද?
kamal Monday, 19 October 2020 10:06 PM
අධිකරණයේ බලය ස්වාධීන කිරීම ගැන මොකෝ නෝකතා...?
thilak Monday, 19 October 2020 10:32 PM
අධිකරණයේ විනිශ්චයකරුවන් පත්කිරීමේ බලය හා කොමිසන් සභාවල බලය නැවත කොමිෂන් සභාවලට ලැබීම ගැන නෝ කතා... බුදු සරණයි.
kaalinga Monday, 19 October 2020 10:34 PM
17 වැනි සංශෝධනය ශක්තිමත් කළ යුතුයි. ඒ ගැන මුකුත් නොකියන්නේ මන්ද?
rohitha gammanpila Monday, 19 October 2020 11:39 PM
2/3 තියෙන එකේ අඩුව... ඉල්ල ඉල්ල ඉන්නේ නැතිව නව ව්‍යයස්ථාව ගේන්න. මේකනේ මේ රටේ මහා සංඝයා වහන්සේ කියන්නේ. සිංහල බෞද්ධයෝ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ. තව අවුරුදු 3ක් වගේ තියෙන්නේ. ඉක්මන් කරන්න.
මුණසිංහ Tuesday, 20 October 2020 02:07 AM
ගෙන ආ මෙම සංශෝධන ඉතා හොඳයි. ද්විත්ව පුරවැසි කිසිවකුට රජයේ රැකියාවක් හෝ නොදෙනවා නම් තවත් හොඳයි..!
kamal Tuesday, 20 October 2020 03:41 AM
එතකොට 20, 23 වෙනවද? නැතිනම් 20.3 වෙනවද?
අනා Tuesday, 20 October 2020 04:13 AM
මුක්තිය... ගෝඨා ඉන්නකම් විතරක් නොවේ ව්‍යවස්ථාව තියෙන්නේ. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව එයා මැරිලත් ක්‍රියාත්මකයි. ඒ නිසා හිතලා, බලලා කළයුතු වැඩක්.