IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


වැස්සෙන් පදවියේ ගම්මාන රැසක් යට වෙයි

(දයාරත්න ඇඹෝගම)
මේ දිනවල උතුරුමැද පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පදවිය ප්‍රදේශයේ ගම්මාන ගණනාවක්  ( 11 ) දහවල් වනවිට ජලයෙන් යටවී ඇති බවත් එම ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.

පසුගිය දින කීපය තිස්සේ සිට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා වසර හතකට පමණ පසුව පදවිය වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි ගම්වාසීහු පවසති.

 එසේම ශ්‍රීපුර , කැබිතිගොල්ලෑව මාර්ගය කම්බිලිවැව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාල භූමිය හා අවට ගම්මානවල අඩි 6 ක පමණ ජල මට්ටමක් පවතින අතර එය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. මේ හේතුව නිසා බෝගස්වැව , නාමල්වැව , වෙහෙරගොල්ල හා කම්බිලිවැව ආදී ප්‍රදේශවල සිට පදවිය , පරාක්‍රමපුර හා ශ්‍රීපුර අතර ගමනාගමනයද මුළුමනින්ම ඇනහිට තිබේ.

මීට අමතරව පදවිය - වව්නියාව මාර්ගය ජලයෙන් යටවීම නිසා පදවි පරාක්‍රමපුර සිට වව්නියාව දක්වා සියළු ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.
ගම්වාසීන්ගේ දෛනික කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන සේවයක් ආරම්භ කර ඇත.

අප මේ පිළිබඳව පදවිය ප්‍රාදේශීය ලේකම් රලියුඩීන් මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ බුද්ධංගල මධ්‍ය මහ විද්‍යාලය හා වෙහෙරතැන්න ප්‍රදේශයේ නිවාස කීපයක් හා මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

එසේම පරාක්‍රමපුර - වව්නියාව මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බවත් නාවික හමුදාව බෝට්ටු සේවයක් යොදවා ඇතත් සැඩ පහර වේගවත් නිසා බෝට්ටු යොදා ගැනීම අපහසු වී ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට වර්ෂාව මඳක් අඩුවී ඇති නිසා බරපතල ආපදා තත්වයක් ඉදිරියේදී ඇති නොවනු ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.



අදහස් (0)

වැස්සෙන් පදවියේ ගම්මාන රැසක් යට වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 59 0

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 221 0

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 208 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 248 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 584 1

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 211 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 88 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 464 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1438 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site